25 March 2017

කොංගෝ යුද අපරාධවලට වන්දි ගෙවිය යුතු බව කියයි



කොංගෝ රාජ්‍යයේ යුද අපරාද සිදුවුණේ යැයි පවසමින් හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊට ගොදුරු වූවන්ට වන්දි ලබාදිය යුතු යැයි නියෝගයක් ලබාදී තිබේ.

විශේෂයෙන්ම, 2003 වසරේදී බොගොරෝ හිදී මියගිය පුද්ගලයන් 300කට අධික පිරිසක් වෙනුවෙන් මෙසේ වන්දි ලබාදිය යුතු බවට මෙම නියෝගය ලබාදී ඇති අතර, මෙවැනි තීරණයකට ජාත්‍යන්තර අපරාධ අධිකරණය පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවද විදෙස් වාර්තා පවසයි..

එරට රජය යටතේ වසර 12කට අධික කාලයක් සිර දඬුවම් විඳිමින් සිටින ගර්මෙන් කටන්ගාට එරෙහිව මෙම තීන්දුව ලබාදී ඇති අතර, හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා විසින් මෙම නියෝගය ලබාදෙමින්, යුද අපරාධවලට ගොදුරුවූවන් වෙනුවෙන් පිහිටුවන සාමූහික අරමුදලක් සඳහා ඇ.ඩො.ලක්ෂ 10ක මුදලක් ගෙවන ලෙස පවසා තිබේ.

මෙම බොගොරෝ ගම්වැසියන් ගොදුරු කරගත් ප්‍රහාර සඳහා අණදී තිබූ කටන්ගා එරට ආයුද සන්නද්ධ කණ්ඩායම් නායකයෙකු ලෙස එවකට කටයුතු කර තිබුණි.

අපේ කාලයේත් රූපවාහිනියේ ගියේ ආණ්ඩුවේ දේ විතරයි



සිය පාලන කාලය තුළ ආණ්ඩුවේ මාධ්‍ය හරහා ප්‍රකාශය කළේ ආණ්ඩුවේ දෑ පමණක් බව තමන් පිළිගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ජනපතිවරණ සමයේදී ජාතික රූපවාහිනියේ විකාශය කෙරුණු දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට මහා පරිමාන වංචා පිළිබඳ කොමිසම හමුවේ ප්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම සිය පාලන කාලය තුළදී ආණ්ඩුවේ මාධ්‍ය වලින් විකාශය වූ දෑ නොබැලූ බවත් ඔහු පැවැසීය. හිටපු ජනපතිවරයා ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවට පෙ.ව. 9.50ට පැමිණ අතර එහිදී ඔහු විනාඩි 40ක් පමණ ප්‍රකාශ ලබාදුන්නේය.

ICC සභාපති ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගනියි



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් පසුගියදා ඉල්ලා අස් වූ ශාෂන්ක් මනෝහාර් යළිත් එම ධුරය බාර ගැනිමට තිරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පෞද්ගලික හේතුවක් බව සඳහන් කරමින් ඔහු පසුගියදා එම ධුරයෙන් ඉවත් වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කරනු ලැබූ ඉල්ලිමක් සලකා බලමින් නැවතත් ඔහු සිය ධුරය බාර ගැනිමට තිරණය කර තිබේ.






මනෝහාර්ද නැවතත් එම ධුරයට පත්විම පිළිබඳව ගෙන ඇති තීරණය තහවුරු කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලීමට ගරු කරමින් නැවතත් ධුරය බාර ගන්නා බව ඔහු සඳහන් කරයි.

ඇමතීන්ට වාහන ගන්න තවත් කෝටි 37ක් ඉල්ලයි



ඇමතිවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනෙකු සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 37ක් ඉල්ලා පාර්ලිිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක්  (24දා) ඉදිරිපත් කරනු ලැබීය.

පාර්ලිමේතු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවට ඉදිරපත් කරනු ලැබීය.

පසුගිය 7 දා ඇමතිවරුන් කිහිප දෙනෙකු සඳහා වහන මිලදී ගැනීමට අදාළව කෝටි 50කට අධික මුදලක් ඉල්ලමින් පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනු ලැබීය.

රතුපස්වල විරෝධතාවයට වෙඩි තැබීමට සම්බන්ධ හමුදාවේ 3ක් රිමාන්ඩ්



රතුපස්වලදී පිරිසිදු පානීය ජලය ඉල්ලා පැවැති විරෝධතාවයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා සාමජිකයින් 3න් දෙනකු අද අත්අඩංගුවට ගැනීමෙන් පසු අප්‍රේල් 03 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

2013 වසරේදී පිරිසිදු පානීය ජලය ඉල්ලා පැවැති මෙම විරෝධතාවය පැවැති අතර හමුදාව යොදා එය මැඩ පවත්වනු ලැබුවා.

එහිදී පාසල් සිසුන් ඇතුලු 3න් දෙනකු මරණයට පත්වූ අතර තවත් පිරිසක් තුවාල ලැබුවා.ඒ අතරින් පිරිසක් අදටත් ආබාධිතයන් ලෙසයි දිවි ගෙවන්නේ.

මෙම සිද්ධිය අපරාධමය වරදක් ලෙස සලකා පියවර ගැනීමට පසුගියදා අධිකරණය නියෝගයක් නිකුත් කළා.
ඒ අනුවයි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඊට අදාළ පරීක්ෂන ක්‍රියාත්මක කරමින් පවතින්නේ.

ළමයින් අතර උණ රෝග 3ක් පැතිරේ



දිවයින පුරා උණ රෝග වර්ග තුනක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ විශේෂයෙන් ළමයින් අතර මෙම උණ රෝග පැතිර යන බවයි.

ගැබිණි මව්වරුන් ද අවදානම් කණ්ඩායමක් ලෙස සැලකෙන බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.

ඩෙංගු රෝගය, ඒ.එච්.වන්එන් වන් සහ ඩෙංගු වලට සමාන වෛරසයක් මෙලෙස පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සදහන් කළේ පවතින උණ රෝග තත්ත්වයන් පිළිබදව සිය සංගමය ද දැඩි අවධානය යොමු කර ඇති බවයි.

රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් පිළිබදව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වෛද්‍යවරුන් දැනුවත් කර ඇති බව ද එම සංගමය සදහන් කළා.

මේ අතර, ඩෙංගු රෝගය සහ ඒ.එච්.වන්.එන්.වන් රෝග මර්දනය සදහා අවශ්‍ය අමතර ඖෂධ තොග ඉදිරි සතිය වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.

අමාත්‍යාංශය විසින් සිදුකළ ක්ෂණික ඇණවුමකට අනුව මූලික අදියරේදී ඖෂධ කරල් 50,000කට අධික ප්‍රමාණයක් ලැබෙනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සදහන් කළේ.

ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන්. වෛරසය ආසාදනය වීමෙන් 50 දෙනෙකුට අධික පිරිසක් ලූණුගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මාධ්‍ය කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන් බහුතරය කුඩා දරුවන් සහ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් බවයි.

සයිටම් ගැටළුවට ප්‍රධාන පක්ෂ දෙකම වග කිව යුතුයි – ජවිපෙ



සයිටම් ගැටළුවට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඊට විරෝධය පළ කරමින් නොනවතින අරගලයක් ක්‍රියාත්මක කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත නිකවැරටිය ප්‍රදේශයේ ඊයේ පැවැති ජහ හමුවකදී සදහන් කළේ.

මේ අතර, සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය හොරණ ප්‍රදේශයේදී අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

පාසල් පද්ධතියේ අර්බුද රැසක්

 
 
දිවයිනේ පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් පාසල් පද්ධතියේ අර්බුද රැසක් නිර්මාණය වී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ පුරප්පාඩු පවතින පාසල්වලට විදුහල්පතිවරුන් පත් කරනවා වෙනුවට දේශපාලන හිතවත්කම් මත  වැඩබලන විදුහල්පතිවරුවන් පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

ආසියාවේ විශාලතම ගණිකා නිවස්නයේ සංවේදී ඡායාරූප | PHOTO



ජාත්‍යන්තර ජනමාධ්‍ය ආයතනයක් විසින් ආසියාවේ විශාලතම ගණිකා නිවස්න කලාපය ලෙස හැදින්වෙන කල්කටාවේ සොන්ගාච්චි ප්‍රදේශයේ සංවේදී ජායාරූප පෙළක් අද නිකුත් කර තිබෙනවා.

මෙම ප්‍රදේශයේ ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි කාන්තාවන් 14,ooo පමණ ගණිකා වෘත්තියේ නියැලෙන අතර ඔවුන් වඩාත් හොද ජීවන තත්වයක් උදෙසා ඉන්දීය රජයේ සහාය ඉල්ලා සිටිනවා.

සෑම වසරකම 1ooo පමණ කාන්තාවන් මෙම නගරයට සංක්‍රමණය වන බවත් වාර්තා වනවා.

ඉන්දියාවේ මෙම කලාපය තුල ඒඩ්ස් රෝගය සීඝ්‍රයෙන් පැතිරයාම නිසා මෙම වෘත්තියේ නියැලී සිටින කාන්තාවන්ගේද ඇතුලුව බොහෝ දෙනෙකුගේ ජීවිත දැඩි අවදානමක පවතිනවා.
2b2cb07c00000578-0-image-a-40_1438948603701 2b2cb09600000578-0-image-a-48_1438948659057 2b2cb07200000578-0-image-m-19_1438948447869 2b2cb06600000578-0-image-m-55_1438950158350 2b2cb05a00000578-0-image-a-33_1438948556106 2b2cb1f200000578-0-image-a-53_1438948718080 2b2cb0e200000578-0-image-a-13_1438948388490 2b2cb1c600000578-0-image-a-36_1438948583729 2b2cb11200000578-0-image-a-24_1438948490985 2b2cb10a00000578-0-image-a-11_1438948381021 2b2cb0fe00000578-0-image-a-8_1438948134327 2b2cb1dd00000578-0-image-a-41_1438948618653 2b2cb20600000578-0-image-a-21_1438948474835 2b2cb19700000578-0-image-a-9_1438948147813 2b2cb17900000578-0-image-a-49_1438948677469 2b2cb11600000578-0-image-a-3_1438947529575 2b2cb18700000578-0-image-a-52_1438948697957 2b2cb20e00000578-0-image-a-20_1438948463612 2b2cb17f00000578-0-image-a-37_1438948595169

රජිනි කාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි

 
 
ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

අද(25) දහවල් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ලබන අප්‍රේල් මස 09 සහ 10 යන දෙදින තුළ රැජිනි කාන්ත් මෙරට සංචාරය කිරීමට නියමිතව තිබුණි.

ඒ යාපනය සහ වව්නියාව ප්‍රදේශවලදී සංවිධානය කර තිබූ නිවාස බෙදාදීමේ උත්සවයක් සඳහාය.

මේ අතර රජිනි කාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් තමිල්නාඩු දෙමළ ජනතාව මෙන්ම තමිල්නාඩු දේශපාලන පක්ෂ ද විවිධ අදහස් පළ කර තිබුණි.

ඉන්දීය භාරතීය පක්ෂයේ නායක සුග්රාමුනියම් සාමි පවසා තිබුණේ රජිනි කාන්ත්ගේ  ශ්‍රී ලංකා සංචාරය දෙරටට වඩාත් වැදගත් වන සංචාරයක් වනු ඇති බවයි.

තමිල්නාඩු  පක්ෂ මෙම සංචාරය හෙලා නොදැක ඊට සහයෝගය ලබාදිය යුතු බව ද සුග්‍රමුනියම් සාමි පවසා තිබුණි.

කෙසේවෙතත් විදුතලෙයි චිත්‍රංගල් පක්ෂයේ නායක ටී. තිරිවාවලන් රැජිනි කාන්ත්ගේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම සාචාරය දෙමළ ජනතාව තුළ ඔහු අප්‍රසාදයට පත් වනු ඇති බවයි.

එදා ජීවන වියදම ඉහළ මට්ටමක පැවතියා



පසුගිය ආණ්ඩු සමයේදී ද ජීවන වියදම ඉහළ මට්ටමක පැවති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ විවිධ ජීවන ගැටළු හමුවේ එකල ජනතාවද දැඩි සමාජීය ප්‍රශ්න වලට මුහුණ දුන් බවය.

කැලණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගීවෙමින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ඇමති රවී ‘ද බෑන්කර් සම්මානය’ ලබා ගනී



ශී‍්‍ර ලංකාව දැන් මූල්‍ය විනයක් සහිතව ආර්ථිකය හසුරවන බව ජාත්‍යන්තරයද පිළිගෙන ඇතැයි අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ආසියා පැසිෆික් කලාපයේ හොදම මුදල් අමාත්‍යවරයා ලෙස ‘ ද බෑන්කර් ’ සඟරාව විසින් පිරිනමන ලද සම්මානය භාරගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සම්මාන ප‍්‍රධානය එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි ‘ ද බෑන්කර් ’ සඟරාවේ ප‍්‍රධාන මූලස්ථානයේදී පැවැත්වුණා.

අමාත්‍ය රවී කරුණානායක වෙත සම්මානය පිරිනැමුවේ එම සඟරාවේ ප‍්‍රධාන කතෘ බ‍්‍රයන් කැප්ලේන් විසින්.

විල්පත්තුව රැකගන්න ජනපති රුසියාවේදී ගැසට් නිවේදනයකට අත්සන් තබයි



විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම රක්ෂිත වනාන්තර එක්කර තනි සංරක්ෂිත වනාන්තරයක් ලෙස. නම් කර තිබෙනවා. ඒවා නම් කර ඇත්තේ මාවිල්ලූ සංරක්ෂිත වනාන්තරය ලෙසයි. ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියාවේ මොස්කව් නුවර දී  (24) අත්සන් තබනු ලැබුවා.

ප‍්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයේ මායිම් වෙනස් කිරීමක් සිදු කළ යුතු වන්නේ නම් එය කළ හැක්කේ විෂයභාර අමාත්‍යවරයාගේ නියමයක්, ජනාධිපතිවරයා අනුමත කර පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීමෙන් පසුවයි. ඒ අනුව නම් කරන ලද නව සංරක්ෂිත වනාන්තරය සඳහා උපරිම නීතිමය ආවරණය ලැබී එහි ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති.

විල්පත්තු වනෝද්‍යානය හා ඊට යාබද වනාන්තර අනවසරෙයන් එළිපෙහෙලි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදු කෙරුණා. එහිදී අනාවරණ වී ඇත්තේ 2012 – 2013 වසරවල දී මුදාහැර ඇති වනාන්තර ඉඩම්වලට අමතරව වෙනත් වනාන්තර හෙළි කිරීමක් සිදුව නොමැති බවයි.