25 March 2017

කොංගෝ යුද අපරාධවලට වන්දි ගෙවිය යුතු බව කියයි



කොංගෝ රාජ්‍යයේ යුද අපරාද සිදුවුණේ යැයි පවසමින් හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊට ගොදුරු වූවන්ට වන්දි ලබාදිය යුතු යැයි නියෝගයක් ලබාදී තිබේ.

විශේෂයෙන්ම, 2003 වසරේදී බොගොරෝ හිදී මියගිය පුද්ගලයන් 300කට අධික පිරිසක් වෙනුවෙන් මෙසේ වන්දි ලබාදිය යුතු බවට මෙම නියෝගය ලබාදී ඇති අතර, මෙවැනි තීරණයකට ජාත්‍යන්තර අපරාධ අධිකරණය පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවද විදෙස් වාර්තා පවසයි..

එරට රජය යටතේ වසර 12කට අධික කාලයක් සිර දඬුවම් විඳිමින් සිටින ගර්මෙන් කටන්ගාට එරෙහිව මෙම තීන්දුව ලබාදී ඇති අතර, හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා විසින් මෙම නියෝගය ලබාදෙමින්, යුද අපරාධවලට ගොදුරුවූවන් වෙනුවෙන් පිහිටුවන සාමූහික අරමුදලක් සඳහා ඇ.ඩො.ලක්ෂ 10ක මුදලක් ගෙවන ලෙස පවසා තිබේ.

මෙම බොගොරෝ ගම්වැසියන් ගොදුරු කරගත් ප්‍රහාර සඳහා අණදී තිබූ කටන්ගා එරට ආයුද සන්නද්ධ කණ්ඩායම් නායකයෙකු ලෙස එවකට කටයුතු කර තිබුණි.

No comments:

Post a Comment