17 May 2017

විරෝධතාවයේ නිරත වූ සිසුන් 10ක් අත්අඩංගුවට

අද(17දා) පැවති සයිටම් සිසු විරෝධතාවයට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතරුව. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ඇතුලු 10ක් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව මෙම ප්‍රහාරය හේතුවෙන් සරසවි සිසුවියක් ඇතුලු 10දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

බත්තරමුල්ල අවට රජයේ සේවකයින්ට එන්න යන්න සහන වෙලාවක්

බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2016 නොවැම්බර් සිට 2017 ජනවාරි දක්වා මාස තුනක කාලසීමාවක් තුළ බත්තරමුල්ල පරිපාලන ප්‍රදේශයේ පිහිටි රජයේ ආයතන වෙත පැමිණි රථවාහන සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක් අනුව මෙම තීරණය ගෙන ඇත.

එම ප්‍රදේශයේ කාර්යාලයට පැමිණීම සඳහා පෞද්ගලික වාහන හෝ රාජකාරි වාහන භාවිත කරන නිලධාරින්ගෙන් 58%ක් පමණ පෙරවරු 7.00 සිට පෙරවරු 9.30 දක්වා රාජකාරියට පැමිණීම සඳහාත්, පස්වරු 3.00ත් පස්වරු 5.30ත් අතර රාජකාරි අවසන් කර කාර්යාලවලින් පිටවීම සඳහාත් එකී වාහන භාවිත කරන බව හෙළි වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පෙරවරු 7.30 සිට පෙරවරු 9.15 දක්වා ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමටත්, රාජකාරි කටයුතු ඉටු කළ යුතු නියමිත කාලය නිමවීමෙන් පසු පස්වරු 3.15 සිට පස්වරු 5.00 දක්වා ඕනෑම අවස්ථාවක කාර්යාලයෙන් බැහැරව යාමටත් හැකි වන පරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි කාර්යාලවල සුනම්‍ය කාර්යාල වේලාවන් සහිත නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීම පිණිස එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පැවරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුවෙන් ජනපතිට ලිපියක්

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වහා ක්‍රියාත්මක කරන්නැයි  ඉල්ලා අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව අද (17දා) ජනාධිපති කාර්යාලයට ලිපියක් බාර දුන්නේය.

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති සම්බන්ධීකරණ කාර්යාලයට පැමිණි එම සංවිධානයේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සුනන්ද මාන්නප්පෙරුම මහතා වෙත මෙම ලිපිය බාරදුන් අතර, එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට ඉඩ ලබාදිය නොහැකි බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.

පසුව අදහස් දැක්වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පාර්ලිමේන්තුවේ සම්මත වී මාස 07ක් ගතවුවද එය පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බවයි.

එම කාර්යාලයේ බලතල අමාත්‍යවරයෙකුට පැවරීම පමණක් සිදුකිරීමට තිබෙන බවත්, ජනාධිපතිවරයා එය ප්‍රමාද කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දු පාකිස්තාන ගැටුමකට පිටිය දෙන්න ලංකාව සූදානම්

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පවත්වන ක්‍රිකට් තරගයක් සඳහා ශ්‍රී ලංකාවේ සහාය. ලබාදීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුළදී තිලංග සුමතිපාල මහතා මේ බව සඳහන් කර තිබේ.

ඒසේම පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීම පිළිබඳව සලකා බලන ලෙසද තිලංග සුමතිපාල මහතා මෝදි මහතාගෙන් ඉල්ලා තිබේ.

පාකිස්තන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසරේදී පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා යොමු කිරීමට ක්‍රිකට් ආයතනය මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත් ඔහු පවසා ඇත.

ලොවම කළඹන නායකයෙක් ගෙදර යවන්න පුළුවන් ඩොලර් බිලියන 175 ක අමුතුම ක්‍රමය මෙන්න



උතුරු කොරියානු නායක kim jong-un බලයෙන් පහකිරීම සඳහා කළ අමුතු යෝජනාවක් විදෙස් මාධ්‍ය වාරතා කර තිබෙනවා.

මෙම යෝජනාව කර ඇත්තේ Shepherd Iverson නම් දකුණු කොරියානු මහාචාර්යවරයෙකු විසින්.ඔහු විසින් අදාළ යෝජනාව සිදුකර ඇත්තේ ඇමෙරිකානු බලධාරීන් වෙතට සිදුකර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එහිදී ඔහු විසින් යෝජනාකර ඇත්තේ ඒ සඳහා ඩොලර් බිලියන 175 ක මුදලක්‌ උතුරු කොරියානු ඉහළ නිලධාරීන්ට ලබාදීමයි.මීට අමතරව රටේ බලය වෙනත් පිරිසකට ලබාදීම සඳහා සහය වන හමුදාවට ඩොලර් බිලියන 12 ක්‌ ලබාදීමටද ඔහු යෝජනා කර තිබෙනවා.උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් බලයෙන් ඉවත් කිරීමට මෙම විශාල මුදල් ප්‍රමාණය සෑහෙන බවයි එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර උතුරු කොරියාව සිදුකළ නවතම මිසයිල අත්හදා බැලීම හෙළා දැකීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ ඒකමතිකව සම්මත කර ගනු ලැබුවා.එමෙන්ම තවදුරටත් මිසයිල හෝ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුනොකරන ලෙසටයි එමගින් අනතුරු ඇඟවූයේ.

උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ද ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.පසුගිය ඉරිදා අත්හදා බැලූ නව මාදිලියේ මිසයිලය මගින් විශාල න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි බවයි උතුරු කොරියාව ප්‍රකාශ කළේ.කිලෝමීටර් 2000ක් තරම් අසාමාන්‍ය ඉහළකට ගමන් කළ එම මිසයිලය කිලෝමීටර් 700ක් ඈතින් ජපාන මුහුදට පතිත වුණා.

ඒ සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැදවනු ලැබුවේ ජපානයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඉල්ලීමෙන්.

එසේම ලොව පුරා රටවල් 150කට වැඩි සංඛ්‍යාවක පරිඝනක තුන්ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට එල්ල වූ දැවැන්ත රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට පරිඝනක ආරක්ෂක විශේෂඥයන් මත පළ කරනවා.

ගූගල් සමාගමේ පරීක්ෂක නීල් මේතා ප්‍රකාශ කළේ රැන්සම්වෙයා පරිඝනක වෛරසය උතුරු කොරියාව අනවසර පිවිසීම් සඳහා යොදා ගන්නා වෛරස්වලට බෙහෙවින් සමාන වන බවයි.

ඔරිජිනල් වින්ඩෝස් තියෙනවනම් වෛරසයෙන් බේරිය හැකියි : මයික්‍රොසොෆ්ට්



මේ දිනවල ලොව පුරා රටවල් 150ක පමණ පැතිරී ඇති මේ වනවිට පරිගණක ලක්ෂ 2කට අධික සංඛ්‍යාවකට බලපෑම් කර ඇති කප්පම් ඉල්ලන ඝනයේ (රැන්සම්වෙයාර්)  ‘වන්නාක්‍රයි‘ පරිගණක වෛරසය සම්බන්ධයෙන් මක්‍රොසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ මෙමගින් ආරක්ෂාවීමට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය බවයි.

මෙම වෛරසය ගැන කල් ඇතිවම එම ආයතනය දැනුවත්වී 2017 මාර්තු මස ආරක්ෂිත ‘පැච්‘ එකක් සහිත වින්ඩෝස් අප්ඩේට් එකක් නිකුත් කළ බවත් එය හරිහැටි අප්ඩේට් කරගත් පරිගණකවලට මෙම වෛරසය ආසාදනය නොවන බවත් දන්වා ඇත.

(ශ්‍රී ලංකාවේ ඇතැම් පරිගණකවල වින්ඩෝස් ක්‍රැක් වර්ෂන් එකක් තිබෙන අතර නීත්‍යානුකූලව මිලට ගෙන නැති එවැනි පද්ධති යාවත් කාල කිරීමේ බාධා පවතී) මයික්‍රොසොෆ්ට ආයතනය පවසන්නේ, ගෙවුණ සතිඅන්තයේ වෛරසය පැතිරීම මන්දගාමී වුවත් අද දිනෙන් ඇරඹෙන සතිය වෛරසයේ වේගය වැඩි කරනු ඇති බවත් අද දින ඔබ රැකියාවට පැමිණෙන විටත් එම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබිය හැකි බවත්ය.

මේ අතර Ransomware වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කරගන්නා ලෙස මෙන්ම ප්‍රතිවෛරස මෘදුකාංග යාවත්කාල කරගැනීමද වැදගත් බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයද නිවේදනයකින් ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දී තිබේ.‍

සැකකටයුතු ඊ-මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙස ද ඔවුන් දැනුම් දෙන අතර මේ දක්වා ලංකාවේ ඉහතකී වෛරසය ආසාදනයවීමක් ගැන තමන්ට වාර්තා ලැබී නැති බවද දන්වා ඇත.

A4 කොලයකින් ලීයක්, ප්ලාස්ටික් බටයක් කපන්න පුළුවන් බව ඔබ දන්නවාද ? | VIDEO



A4 කොලයකින් ලීයක්, ප්ලාස්ටික් බටයක් කපන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? නැහැ, ඔබ විශ්වාස කරන්නෙ නැති වෙයි.

නමුත් එහෙම කරන්න පුළුවන් කියලා කිව්වොත් ? ඔව් එහෙම කරන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝවෙන් ඔබට එය දැක් බලා ගන්න පුළුවන්. හැමදේකමට බලපාන්නේ නිවැරදි ක්‍රමය සහ තාක්ෂණය.


ඉතාලියේ පදිංචි වුණොත් යූරෝ 2,000 ක් – ගෙවල් කුලී සඳහා මාසිකව යූරෝ 50 ක් ! | PHOTO



ඉතාලිය කියන්නේ ඉතිං කවුරුත් යන්න ට්‍රයි කරන රටක්නේ. නීත්‍යානූකුලව විතරක් නෙමෙයි හොර පාරෙනුත් ඉතාලියට යන්න ට්‍රයි කරන අය බොහොමයි.

ඔන්න ඒ වගේ අයට සුභදායි ආරංචියක් ඉතාලියෙන් වාර්තා වනවා. ඉතාලියේ Bormida කියන ගම්මානයට පදිංචියට ආවොතින් යූරෝ 2,000 ක් (රුපියල් 333,112) දෙනවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ විතරක් නෙමෙයි මාසෙකට යූරෝ 50 බැගින් ගෙවල් කුලියකුත් දෙනවලු. බොහෝ දෙනෙක් රැකියා සහ වෙනත් අවශ්‍යතාවයන් සොයා මේ ගම්මානය අතහැරලා ප්‍රධාන නගර වෙත ගිහින්ලු.

ඉතිං මේ ගම්මානය ජන ශුන්‍ය කලාපයක් වීම වළක්වන්න ,එම ප්‍රදේශයේ නගරාධිපතිවරයා මෙම තීරණය අරගෙන තියනවා කියලයි කියන්නේ. දැනට මේ ගම්මානයේ පුද්ගලයින් 394 දෙනෙකු වාසය කරනවා.

මුහුදු වෙරළට ආසන්නව පිහිටි මෙම ගම්මානය මනරම් වට පිටාවකින් යුක්තයි. Bormida වලට ආසන්නතම ප්‍රධාන නගරය genoa යි.

2 3 4 5 6  7 8