17 May 2017

ඔරිජිනල් වින්ඩෝස් තියෙනවනම් වෛරසයෙන් බේරිය හැකියි : මයික්‍රොසොෆ්ට්



මේ දිනවල ලොව පුරා රටවල් 150ක පමණ පැතිරී ඇති මේ වනවිට පරිගණක ලක්ෂ 2කට අධික සංඛ්‍යාවකට බලපෑම් කර ඇති කප්පම් ඉල්ලන ඝනයේ (රැන්සම්වෙයාර්)  ‘වන්නාක්‍රයි‘ පරිගණක වෛරසය සම්බන්ධයෙන් මක්‍රොසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ මෙමගින් ආරක්ෂාවීමට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය බවයි.

මෙම වෛරසය ගැන කල් ඇතිවම එම ආයතනය දැනුවත්වී 2017 මාර්තු මස ආරක්ෂිත ‘පැච්‘ එකක් සහිත වින්ඩෝස් අප්ඩේට් එකක් නිකුත් කළ බවත් එය හරිහැටි අප්ඩේට් කරගත් පරිගණකවලට මෙම වෛරසය ආසාදනය නොවන බවත් දන්වා ඇත.

(ශ්‍රී ලංකාවේ ඇතැම් පරිගණකවල වින්ඩෝස් ක්‍රැක් වර්ෂන් එකක් තිබෙන අතර නීත්‍යානුකූලව මිලට ගෙන නැති එවැනි පද්ධති යාවත් කාල කිරීමේ බාධා පවතී) මයික්‍රොසොෆ්ට ආයතනය පවසන්නේ, ගෙවුණ සතිඅන්තයේ වෛරසය පැතිරීම මන්දගාමී වුවත් අද දිනෙන් ඇරඹෙන සතිය වෛරසයේ වේගය වැඩි කරනු ඇති බවත් අද දින ඔබ රැකියාවට පැමිණෙන විටත් එම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබිය හැකි බවත්ය.

මේ අතර Ransomware වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කරගන්නා ලෙස මෙන්ම ප්‍රතිවෛරස මෘදුකාංග යාවත්කාල කරගැනීමද වැදගත් බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයද නිවේදනයකින් ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දී තිබේ.‍

සැකකටයුතු ඊ-මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙස ද ඔවුන් දැනුම් දෙන අතර මේ දක්වා ලංකාවේ ඉහතකී වෛරසය ආසාදනයවීමක් ගැන තමන්ට වාර්තා ලැබී නැති බවද දන්වා ඇත.

No comments:

Post a Comment