27 April 2017

පුජිත එජාපයෙන් වයඹ මහ ඇමති පුටුවට?



ඉදිරියේදී පැවැත්වෙන වයඹ පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂක ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඉදිරිපත් වීමේ සුදානමක් ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

ඒ, තම පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වෙමින්ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් Info Sri Lanka News කල සොයා බැලීමක දී වාර්තා වුයේ එක්සත් ජාතික පක්ෂය විසින් පුජිත ජයසුන්දර මහතා වෙත වයඹ මහ ඇමති අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිව නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් Info Sri Lanka News සමඟ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසුවේ පුජිත ජයසුන්දර වයඹ මැතිවරණයට තරඟ කිරීම සඳහා අපේක්ෂකත්වය ඉල්ලා නොමැති බවයි.

නමුත් ඔහු විසින් තමන් දරන තනතුරින් ඉවත්ව අපේක්ෂකත්වය ඉල්ලා සිටියහොත් පක්ෂයේ නාම යෝජනා මණ්ඩල විසින් ඒ සම්බන්ධව තීරණයක් ගනු ඇති බවයි.

Info Sri Lanka News

මහබැංකු බැඳුම්කර කොල්ලයේ පාඩුව අඩුකොට පෙන්වීමේ උත්සහයක්!

තමාගේ ගණනය කිරීම් අනුව 2015.02.27 දින මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රජයට රු. කෝටි 1000 ක පාඩුවක්‌ සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විඡේවර්ධන මහතා ඊයේ (26දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසීය.ක්‍ෂණිකව රු. කෝටි 53.2 ක පාඩුවක්‌ සහ එයද ඇතුළත්ව තිස්‌ අවුරුදු කාලය තුළ රු. කෝටි දහසක මුළු පාඩුවක්‌ සිදුව ඇති බවද විඡේවර්ධන මහතා කොමිසමට කීවේය.

2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 2.6 ක ලංසු පිළිගැනීමේ තීරණයට නොගොස්‌ බිලියන 10 කට ලංසු පිළිගත් නිසා මේ පාඩුව සිදුවූ බවද හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම ක්‍ෂණික අලාභය සහ තිස්‌ අවුරුදු පාඩුව සිදුවූ ආකාරය තමා ගණනය කළ ක්‍රමවේදය ද කොමිසමට පැහැදිලි කළේය.

අදාළ වර්ෂ 30 ක කාලය තුළ සියයට 12.5 ක ඉතා ඉහළ පොළියක්‌ ගෙවීමට සිදුවීම නිසා රු.කෝටි දහසක පාඩුවක්‌ සිදුවන බව තමා ගණනය කළ බවද පැවැසූ හෙතෙම 2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රු. බිලියන දහයකට අධික ලංසු පිළිගැනීම නිසා රජයට සිදුවූ පාඩුව ගණනය කළ ලේඛනය ද ඊයේ කොමිසමට ඉදිරිපත් කළේය.

එම පාඩු ගණනය කළ ක්‍රමවේදය නිවැරදි ක්‍රමවේදයක්‌ බවද විඡේවර්ධන මහතා විනිසුරු ජයවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

RSL

ඕනෑම පක්ෂයකට මැයි දිනයට මුදල් ගෙවා ලංගම බස්

මැයි පෙළපාලි වලට සහභාගිවිමට යන වැඩකරන ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා දේශපාලන පක්ෂ මගින් ඉල්ලන. බස්රථ හැකි උපරිම අන්දමින් ලබාදිමට සූදානමින් සිටින බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය.

මේ පිළිබඳ සභාපතිවරයා සියලුම ලංගම ප්‍රාදේශීය කාර්යාලද දැනුවත් කර තිබේ.

මෙම බස්රථ ලබාදෙන්නේ මුදල් ගෙවීමෙන් පසුව බවත් ,ඕනෑම දේශපාලන පක්ෂයකට බස්රථ ඉල්ලුම් කළ හැකි බවත් ලංගම ප්‍රධාන මෙහෙයුම් අධිකාරි චන්ද්‍රසිරි මහතා පැවසීය.

දුරපළාත් අය සඳහාමැයි මස 1 වැනිදාට පෙරදින බස්රථ ලබා දෙන බවද ඒ මහතා කීය.

සැමියා බිරිඳව හදිසියේ දික්කසාද කළ ලොව කැළඹු ආදරය වැඩිකමට ගත්ත ඡායාරූපය මෙන්න



සැමියා බිරිඳ වෙන් වෙන්න නැතිනම් දික්කසාද වෙන්න විවිධ හේතු බලපානවා. ගොඩාක් ආදරෙන් හිටපු යුවළක් ඡායාරුපයක්  නිසා එකවර දික්කසාද වෙන්න තීරණය කළ පුවතක් වාර්තා වනවා.

මෙම කාන්තාවගේ සැමියාට දින 20කට පිට පළාතක රැකියාවක් සඳහා යාමට සිදු වනවා. ඒ නිසා ආදරණිය බිරිඳව මතක තබා ගැනීම සඳහා ඡායාරුපයක් ලබා ගෙන තිබෙනවා. පසුව එය බැලූ ඔහු එහි ජීවිතය වෙනස් කළ හැකි අසාමාන්‍ය යමක් එහි ඇති බව දැක ඇත.

තවත්මි නිසෙක් සමඟ එකතු වී තම බිරිඳ තමන්ව රවටා ඇති බව ඔහු තේරුම් ගොස් තිබෙනවා. ඒ වනවිට බිරිඳගේ අනියම් සැමියා සැඟවී සිට ඇත්තේ ඇඳ යටයි. පසුව ඔහු දික්කසාද නඩුවක් ගොනු කර තිබෙනවා.

එම ඡායාරුපය පහතින්


පොලිස්පති පූජිත් මැරයෙක්: බොරු නම් නඩු දාන්න! – නිව්ස් වෙබ් අභියෝගය



පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඔහුගේ නියෝග පරිදි නියමිත වේලාවට භාවනා නොකිරීමේ වරදට එම්. සමරකෝන් බණ්ඩා නම් සුළු සේවකයකුට බෙල්ලෙන් අල්ලා පහරදීම සහ රාගම පදිංචිකරුවකු වන සමරකෝන් බණ්ඩා එදින පොලිස් මූලස්ථානයේ විදුලි සෝපානය ක්‍රියාත්මක කරවීමේ යෙදී සිටියදී මෙසේ පොලිස්පතිවරයාගේ පහරදීමට ලක්වීම යනු කරුණු අසත්‍ය නම් ඒ බව වාර්තා කළ තම වෙබ් අඩවියට  අධිකරණයේ නඩු පවරන ලෙස ලංකා නිව්ස් වෙබ් අඩවිය අභියෝග කර තිබේ.

ලංකා නිව්ස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන මෙරට ලියාපදිංචි වෙබ් අඩවියකි.

පොලිස්පතිවරයාට වැළදී ඇති  භාවනා උන්මාදයේ  ඊළඟ ගොදුර බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ස්ථානාධිපතිවරයා පත්ව ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කරයි.   එම සිදුවීමද අසත්‍ය නම් තමන්ට නඩු පවරණ ලෙස ලංකා නිව්ස් වෙබ් තවත් අභියෝගයක් කර තිබේ.

පොලිස් මූලස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානී  සහ එහි ස්ථානාධිපතිවරයා ලෙස ක්‍රියා කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලුඩොවයික් මහතාට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් කරන ලද පහරදීම එම වාර්තාවට අනුව මෙසේය:

අදාල දිනයෙහි උදෑසන 8.30 සිට 8.45 දක්වා තමන්ගේ නියෝග අනුව භාවනා වැඩසටහන ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීමට ගිය පොලිස්පතිවරයා විදුලි සෝපාන ක්‍රියාකරුට පහර දීමෙන් අනතුරුව කෙලින් ම ගොස් ඇත්තේ පොලිස් මූලස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙතය. එහි ස්ථානාධිපතිවරයා ලෙස ක්‍රියා කරන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලුඩොවයික් මහතාය. ඔහු බර්ගර් ජාතික කතෝලික බැතිමතෙකි. ඒ මොහොතේ ඔහු සුපුරුදු පරිදි තම කාර්යාලයෙහි දෛනික රාජකාරි වල නිරත වෙමින් සිට ඇත. මද කිපුණු ගතියෙන් යුතුව එතැනට කඩා වැදුණු පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා ලුඩොවයික් මහතාගෙන් “තෝ මොකද බොල භාවනා කරන්නෙ නැත්තේ ?” යි විමසමින් අමු තිත්ත කුණුහරුපයෙන් බැණවැදී තිබේ. එක්වරම සිදු වූ සිදුවීමෙන් කිසිවක් සිතාගත නොහැකිව උඩ බිම බැලූ ලුඩොවයික්, පෙරළා පොලිස්පතිවරයාගෙන් විමසා ඇත්තේ ” සර්, මම මේ කතෝලිකයෙක් නේ .. ඇයි සර් මට භාවනා කරන්න කියන්නේ ?” යනුවෙනි. කෝපය දෙගුණ තෙගුණ වී ගිය පොලිස්පති පූජිත එවිට “තෝ මොන ආගමේ උනත් මට කමක් නෑ බල්ලෝ, මං කියන විදියට භාවනා කරපිය” යැයි කියමින් දිගින් දිගට ම බැණ වැදී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තවමත් පිළිතුරක් දී නැති අතර එවැනි පිළිතුරක් ලදොත් එය Lanka e Voice විසින් පළ කරනු ඇත.

වැඩකරන ජනතාවට සහන රැසක්



ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් වැඩකරන ජනතාවට සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව. කම්කරු වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩ බිම්වල සිදුවන අනතුරු වෙනුවෙන් දැනට ලබා දෙන් රුපියල් පන් ලක්ෂ 25,000 සේ වන්දි මුදල රුපියල් දස ලක්ෂ 50,000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා ළමයා යනුවෙන් අර්ථ දක්වන වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

ඊට අමතරව පෞද්ගලික අංශයේ ක්‍රම දෙකක් යටතේ ලබා දෙන ප්‍රසූත නිවාඩුව සංශෝධනය කිරීමට ද බලාපොරොත්තු වන බව ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

අපි දැන් ‘කොන්ද කෙළින් කර ගන්නයි’ හදන්නේ – රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක



හිටපු යුදහමුදාපති සහ වත්මන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව එම ඇමතිධූරයෙන් ඉවත්කොට රජයට එරෙහිව දිගින් දිගටම දියත්වෙමින් තිබෙන අරගල සහ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ මර්දනය සඳහා පාවිච්චි කිරීමට යෝජනා වී ඇති අතර ඊට මේ වන විට විවිධ පාර්ශවවලින් රජයට චෝදනා එල්ලවෙමින් තිබේ.

මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයට රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබාදුන් පිළිතුර රජයේ ප්‍රතිරූපයට කෙතරම් විවේචනාත්මකව බලපා ඇත්දැයි සැලකිය යුතුය. එයින් ගම්‍යවන්නේ රජයට යහපත් ප්‍රතිරූපයක් නොවන බව වත්මන් රජය බලයට ගෙන ඒමට උරදුන් බහුතරයක් පවසති. එම නිසා මීට අදාළ ප්‍රවෘත්තිය සහ සංවාදය අප මෙලෙස සංස්කරණයකින් තොරව පළකර සිටිමු.

ඇමැති ධුරයෙන් ඉවත්වී වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගෙන කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමැති සරත් ෆොන්සේකා මහතාට යෝජනා කර තිබේ.

රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල පාලනය කරමින් විනය ගොඩ නැගීමට පියවර ගැනීම සඳහා මෙවැනි යෝජනාවක් කළ බව ජනාධිපතිවරයා කියා සිටි අවස්ථාවේ එයට පිළිතුරු දුන් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර ඇත්තේ නිසි බලතල සහිතව එම තනතුරු පිරිනමන්නේ නම් එය භාර ගැනීමට කැමැති බවය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව අනාවරණය කරන ලදී.

කෙසේ වුවද ,ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතා යටතේවිශේෂ බළකායක් ස්ථාපිත කිරී‍මට යෝජිත බවත්, එය වර්ජන සහ උද්ඝෝෂණ මැඩලීමට තනි පුද්ගලයකුට බලය පැවරීමක් නොවන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

රට තුළ දිගින් දිගට ම සිදුවන උද‍්ඝෝෂණ හා වර්ජන රාජපක්ෂ කල්ලි‍ය මෙහෙයවන්නක් බවත්, ලබන අගෝස්තු මාසය පමණ වනවිට එම කල්ලියේ සියලු හොරමැරකම්, දූෂණ වංචා හෙළිදරව් වෙතැයි බියෙන් මෙසේ ජනතාව නොමඟ යවමින් ‍විවිධ උද්ඝෝෂණ පවත්වමින් ජනතාව නොමඟ යවන බවත් ඇමැතිවරයා පවසයි.

සෑම දිනකම පාහේ මෙසේ උද්ඝෝෂණ පවත්වමින් ජනජීවිතය අවුල් කිරීමෙන් යහපාලනයට බාධා පැමිණවීම නිසා රටට ආයෝජකයන්, සංචාරකයන් පැමිණීම අඩුවීමෙන් පාඩු අත්වන්නේ රටට හා ජනතාවට ම බවද ‍ඒ මහතා පෙන්වා දෙයි.

වෘත්තීය සමිතිවල කුඩා කුඩා කණ්ඩායම් විසින් සිදුකරනු ලබන මෙවැනි විරෝධතා මඟින් රටේ කටයුතු මෙන්ම ජනජීවිතය අඩපණ නොවීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට සුවිශේෂී බළකායක් ස්ථාපිත කර තිබීම වැදගත් බවට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවූ බවද ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.

රටේ විනයක් ඇතිකිරීම සඳහා ස්ථාපිත කෙරෙන මෙම බළකායේ නායකත්වය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඇමැති මණ්ඩලයේදී සාකච්ඡා කළ බවත්, එහිදී ඇමැති මණ්ඩලය ඒ සඳහා කැමැත්ත පළ කළ බවත්,මේ සම්බන්ධයෙන් ඇමැති සරත් ‍ෆොන්සේකා මහතා සමඟ සාකච්ඡා කර ඉතා ඉක්මනින් එම බළකාය ස්ථාපිත කරන බවත්,ඒ මහතා සඳහන් කරයි.

පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මාධ්‍යවේදියා- සරත් ෆොන්සේකා මහතාගේ බළකායත්, ඒ කාලයේ ගෝඨාභය රාජපක්ෂගේ භූමිකාව වගේද?

ඇමැති රාජිත සේනාරත්න මහතා– නැහැ, කිසිසේත්ම නැහැ. මෙය ජනාධිපතිතුමා දැනුවත්ව, කැබිනට් මණ්ඩලය දැනුවත්ව රටේ ජනතාව දැනුවත් වෙලයි සිදුවන්නේ. ඒ කාලයේ හිටපු ජනාධිපති ගෝඨාභයට බයයි. ඔහු එනවා කිව්වත් වෙව්ලනවා.

මාධ්‍යවේදියා- සරත් ෆොන්සේකා මහතාට උද්ඝෝෂණ, වර්ජන මර්දනය කරන්න පුළුවන් ද?

ඇමැති රාජිත සේනාරත්න මහතා– ඔහු ත්‍රිවිධ හමුදාව පාලනය කළ, ෆීල්ඩ් මාර්ෂල් තනතුරෙන් පිදුම් ලද විනය ගරුක පුද්ගලයෙක්. ර‍ටේ විනයක් ස්ථාපිත කරන්න ඒ වගේ පුද්ගලයකුගේ මෙහෙය සුදුසුයි. වර්ජන උද්ඝෝෂණ පමණක් නොවෙයි හිටපු රජයේ ‘හොරු’ අල්ලන පරීක්ෂණත් නිසි අයුරින් ඉක්මනින් සිදුකරන්නත් සරත් ෆොන්සේකා මහතාගේ අත්දැකීම් සහ මෙහෙවර ඉවහල් වේවි. මොකද ගෝඨාභයගෙන් වැඩියෙන් ම බැට කෑ පුද්ගලයකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නම් කරන්න පුළුවන්. ඒ මහතා දරන ඇමැති ධු‍රයෙන් ඉවත්වී වසර දෙකක කාලයක් මේ බළකාය මෙහෙයවන්න ඔහු කැමති වෙතැයි විශ්වාස කරනවා.

ඇමැතිකමින් අස්වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලීමක් කළා. නිසි බලතල ඇතිව දෙන්නේ නම් එය බාර ගැනීමට ඔහු අකමැත්තක් පළ කළේ නැහැ.

මාධ්‍යවේදියා- වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටු කරන්නට රජය අපොහොසත් නිසා ද මෙවැනි බළකායක් ගේන්නේ?

ඇමැති රාජිත සේනාරත්න මහතා– නෑ කිසිසේත්ම නැහැ. මේ රජය තරම් වෘත්තීය සමිතිවලට ඇහුම්කන් දුන්, ඉල්ලීම් ඉටු කළ රජයක් තවත් නැහැ. ඒ සඳහා උද්ඝෝෂණය කරන්න යහපාලන රජය ඉඩ ලබා දුන්නා. ඒත් යහපාලනය ප්‍රයෝජනයට අරගෙන නොසණ්ඩාල විදිහට වර්ජනය කරනවා නම් වැරදියි. එදා වර්ජනයකට උද්ඝෝෂණයකට කොළඹ ආවේ දහ පාරක්වත් හොඳට හිතලා බලලා. මොකද ගෝඨාභයගේ කට්ටියට කියලා ඉල ඇට කඩා ගන්න වෙයි කියන බයට.

මාධ්‍යවේදියා- වෘත්තීය සමිති බිය ගන්වන මෙවැනි වැඩ නිසා ආණ්ඩුවට ‘කොන්දක් නෑ’ කියලා චෝදනා එල්ල වෙනවා.

ඇමැති රාජිත සේනාරත්න මහතා– ආ… අපි දැන් ‘කොන්ද කෙළින් කර ගන්නයි’ හදන්නේ.

වාහන අවභාවිත කර ඇතැයි ජනපතිට ලිපියක්



 උතුරු, නැගෙනහිර අද (27දා) පැවැත්වෙන හර්තාලය සඳහා වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයට අයත් රථ වාහන යොදාගෙන ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබේ.

මෙසේ හර්තාල් ව්‍යාපාර සඳහා රජයේ වාහන යොදාගැනීම වාහන අවභාවිත කිරීමක් වන අතර, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම, විල්පත්තුව සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව ගැසට් පත්‍රය අහෝසි කිරීම, ඉඩම් අයිතිය සම්බන්ධ කරුණු කිහිපයක් මුල්කර ගෙන මෙම හර්තාල ව්‍යාපාරය අද (27දා) පැවැත්වේ.

සයිටම් වෙනුවෙන් කඩේ යන රජයේ යෝජනා විසිවෙයි; සටන ඇවිලෙයි (විශේෂ)




වත්මන් යහපාලන ආණ්ඩුව මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට පක්ෂපාතී ලෙස කටයුතු කරමින් එම ප්‍රශ්නය කල්මරමින් සැලසුම් සහගත උපායක නිරත වන බවට අනාවරණයවේ. සයිටම් ගැටලුව තුලින් රෝගි ජනතාවගේ ජිවත්වීමේ අයිතියට එල්ල වී ඇති තර්ජනය සැලකිල්ලට ගත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් හා වෛද්‍ය ආචාර්ය සංගම් සමඟ එක්ව අර්බුදය නිමා කරලීම සඳහා වන යෝජනා මාලවක් බලධාරින් වෙත බාරදී මේ වනවිට මාසයකට අධික කාලයක් ගතව ඇත.

එම යෝජනා පසෙකින් තමා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් රජයේ යෝජනා ලෙස සයිටම් ආයතනය රැක ගැනීමේ යෝජනාවලියත් මේ වන විට රට හමුවේ තබා ඇත.

රජයක් සතු අත්හල නොහැකි මූලික වගකීමක් වනුයේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමයි. එය තහවුරු කිරීම පසෙක තබා පෞද්ගලික ආයතනක් සුරක්ෂිත කිරීමට ඇමතිවරුන් දෙදෙනා විසින් දූෂිත නිලධාරීන් සමඟ ගන්නා උත්සාහය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු. එමෙන්ම රජයේ යෝජනා ලෙස ඉදිරිපත්ව ඇති ව්‍යාජ යෝජනා ප්‍රතික්ෂේප කරමු.

ප්‍රථමයෙන් කිව යුත්ත නම් පසුගිය අභියාචනාධිකරණ නඩුවේ වග උත්තරකරුවන් ලෙස පෙනී සිටි සෞඛ්‍ය හා උසස් අධ්‍යාපන ඇමතිවරුන් දෙදෙනා උසාවිය හමුවේ ප්‍රකාශ කර සිටි ස්ථාවරය එම නඩුවේ තීන්දුව සයිටම් ආයතනයට හිතවාදී ලෙස ලැබීම සඳනා ප්‍රධාන වශයෙන්ම බලපෑ බවයි. එදා නඩුවේදී නොකී කථාවක් අද වන විට ඇමතිවරුන් දෙපල රට හමුවේ ප්‍රකාශ කරමින් සිටියි. මෙම ප්‍රකාශයන් ඇමතිවරුන් විසින් කල යුතුව තිබුණේ අධිකරණයටය. ගරි අධිකරණය කරුණු වසන් කර සයිටම් හිතවාදිව කටයුතු කිරීම පිළිබඳ ඇමතිවරුන් දෙපල ජාතියෙන්ම සමාව ගත යුතුය. දැන්වත් තම ස්ථාවරයන් සියල්ල වහාම උසාවියට දැනුම් දිය යුතුය.

තත්වය වඩාත් බැරෑරුම් වනුයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධ වන තාක්ෂණික තීරණ ගණනාවක් තම තනි මතයට අනුව තීරණය කිරීමට මෙම ඇමතිවරුන් දෙදෙනා කටයුතු කර තිබීමයි. රටේ දේශපාලන උන්මත්තකභාවය මේ තුලින් සනාථ වෙයි. ඕනෑම රටක මේ සම්බන්ධ තාක්ෂණික තීන්දු ගැනීම සඳහා පිහිටුවා ඇති තාක්ෂණික උසාවියක් බඳු වූ වෛද්ය සභාව විසින් කලයුතුව ඇති කාර්ය භාරය වෛද්‍යවරුන් නොවන මෙම ඇමති වරුන් දෙදෙනා විසින් සිදු කිරීම ඉතා බරපතල තත්වයක් බව අපගේ විශ්වායකයි. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තම කටයුතු බලපෑමකින් තොරව සිදු කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය විය යුතු බව අප තරයේ විශ්වාස කරමු.

මෙහිදී තවදුරටත් මතුවන කරුණු ගණනාවකි.

 1. අද වනවිට ඇමතිවරුන් දෙදෙනාද පිළිගන්නා පරිදි සයිටම් ආයතනයෙන් ලබා දෙනුන් ලබන පුහුණුව ප්‍රමාණවත් නොවන බව ඇමතිවරුන් දෙදෙනා අභියාචනාධිකරණයට නොකිවේ ඇයි?

2. අද වන විට ඇමතිවරුන් දෙදෙනාද පිළිගෙන ඇති පරිදි සයිටම් ආයතනයෙන් ලබාදෙන MBBS උපාධිය ප්වතින ස්වභාවයෙන්ම පිලිගත නොහැකි බව අභියාචනාදිකරණයට නොකීවෙ ඇයි?

3. වෛද්‍ය සභාව මඟින් සයිටම් ආයතනය පරික්ෂාකර බලා නිකුත් කල තාක්ෂණික වාර්තාව සෞඛ්‍ය ඇමතිවරයාට භාරදී මාස 18 කට ආසන්න කාලයක් ගතව ඇතත් සෞඛ්ය අමාත්‍යවරයා එම ලියවිල්ලට අත්සන් තබා එම වාර්තාවට නෛතිකභාවයක් ලබා දීමට කටයුතු කට නැත්තේ ඇයි?

4. විශ්ව විද්‍යාල පනතට අනුව සයිටම් ආයතනයේ පැවත්ම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකය මේ දක්වා ලැබී නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් නොදෙන්නේ ඇයි?

5. සයිටම් ආයතනයෙන් පිටවන Mඹ්ඹ්S උපාධ්ධාරින්ට වැඩිදුර පුහුණුව ලබා දිය යුතු විෂය ක්ෂේත්‍ර නම් කිරීමට ඇති තාක්ෂණික හැකියාව කුමක්ද?

6. එම පුහුණුඅව ලබා දිය යුතු පුහුණු මධ්‍යස්ථාන/ රෝහල් පිළිබඳ තීරණය කිරීම සඳහා ඇමතිවරුන් දෙදෙනාට ඇති හැකියාව කුමක්ද?

7. එම පුහුණුව ලබාදිය යුතු පුහුණු මධ්‍යස්ථාන/ රෝහල් පිළිබඳ තීරණය කිරීම සඳහා ඇමතිවරුන් දෙදෙනාට ඇති හැකියාව කුමක්ද?

8. නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පිලිගෙන ඇත්තේ කවුද?

9. නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් නම් එය පැවතිය යුත්තේ රටේ රෝහල් පද්ධතිය තුල ඉහලම මට්ටමේය. නමුත් හාස්‍යජනක කරුණ නම් මෙම ඉහලම මට්ටමේ ඇතැයි කියන රෝහලේ පුහුණුව ප්‍රමාණවත් නොවන බව කියා වැඩිදුර පුහුණුඅව ලබා දීමට යෝජනා කරන අවිස්සාවේල්ල හා හෝමාගම යන මූලික රෝහල්, රෝහල් පද්ධතිය තුල ඇත්තෙ පස්වන මට්ටමේය.

10. එමෙන්ම හෝමාගම මූලික රෝහල මේ වන විටත් ජයවර්ධනපුර වෛද්ය පීඨයේ සායනික පුහුණුවේ කොටසක් ලබා දීමට භාවිතා කරන බව මේ ඇමතිවරුන් දෙපල නොදන්නවාද?

11. සයිටම් අවසන් පුහුණුව ලබාගත් සිසුන් හට නැවතත් වෛද්‍ය සභාව හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව මඟින් පවත්වන විභාගයන් පැවත්වීම සඳහා ඇති නීතිමය ප්‍රතිපාදන මොනවාද?

මෙම මූලික ගැටඋ සියල්ලට අමතරව මේ ඇමති දෙපල මේවන විට ඉදිරිපත් කර ඇති යෝජනා හරහා ප්‍රශ්ණය විසඳෙනු වෙනුවට වඩාත් සංකිර්ණ තැනකට ගමන් කරනු ඇත යන්න අපගේ හැඟීමයි.

ඒ අනුව වහාම අප විසින් ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනා සැලකිල්ලට ගෙන අවසන් සත්‍ය විසඳුම් ගෙන එන් මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

-රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීමකි-

කිම්, කැරබියන් වෙරළේ දාපු සෙල්ලම් යළිත් අන්තර්ජාලය කළඹයි | PHOTO



කිම් කාඩීෂියන් පහුගිය දවසක කැරිබියන් දුපත් සමුහයට අයත් Puerto Rico වෙරල තිරයට ගිහින් තිබුණා.

ඇය අර්මේනියානු - ඇමරිකානු නිරූපණ ශිල්පිණියක්. මේ ගමනේදී ගත්ත කිම් කාඩීෂියන්ගේ අලුත්ම සරාගී ජායාරූප එකතුවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.




විදුහල්පති පහරදීමෙන් 11 හැවිරිදි මොහොමඩ් මරුදකී

 මැලේසියාවේ පෞද්ගලික ආගමික විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු 11ක මොහොමඩ් ගඩාෆි නමැති පිරිමි දරුවෙකු පාසලේ ප්‍රධාන ආචාර්යවරයාගේ දරුණු පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ආගමික පාසලේ ඉගෙනුම ලැබූ මොහොමඩ් තඛීෆ් අමින් මොහ්ඩ් ගඩාෆි නමැති දරුවාට දිගින් දිගටම සිදුකර තිබූ දරුණු පහරදීමෙන් පසුව එම දරුවා රෝහල් ගත කර ඇති අතර, පසුව දරුවා බේරාගැනීම සඳහා ඔහුගේ දෙපා කපා ඉවත්කිරීමට සිදුවී තිබේ.

තෆීස් නමැති මෙම පෞද්ගලික ආගමික පාසලේදී මෙම දරුවා කිහිප අවස්ථාවකදීම මෙම ප්‍රධාන ආචාර්යවරයාගේ මරාන්තික පහර කෑමට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම දරුවාගේ මව පවසන්නේ ප්‍රධාන ආචාර්යවරයාගේ දඬුවම් තවදුරටත් ඉවසිය නොහැකි බවත්, හැකි ඉක්මණින් තමාව ඉන් ඉවත් කරගන්නා ලෙසත් ඔහු තමන් සමග පැවසූ බවයි.

අවසන් වරට පසුගිය මස 31 වැනිදා තමා දරුවා බැලීමට ගිය අවස්ථාවේදී ඔහු ඉතා දුර්වල හා දැඩි කල කිරීමකින් පසුවූ නිසා, දරුවා හැකි ඉක්මණින් පාසලෙන් ඉවත්කර ගැනීමට අදහස් කරගෙන සිටි බවද මව කියයි.

කෙසේ වෙතත්, මෙම දරුවාට එම පාසලේ ප්‍රධාන ආචාර්යවරයා සිදුකළ දරුණු පහරදීම නිසා ඔහුගේ පාදවල ලේ කැටි ගැසීම් රැසක් පැවති බව වෛද්‍යවරු පවසා තිබේ. ඒ අනුව, හදිසි ශල්‍යකර්මයකින් දරුවාගේ කකුල් කපා ඉවත් කරමින් ඔහු බේරාගැනීමට වෛද්‍යවරු තීරණය කළත්, ශල්‍යකර්මයෙන් පසුව කෝමා තත්ත්වයට පත්වූ දරුවා පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.  

ඉන්දීය ගුවන් සීමා වසාදැමීම ශ්‍රී ලංකන් කාලයේ වෙනසක්



ඉන්දියාව විසින් පරීක්ෂාත්මක ගුවන් ගමනක් සිදුකිරීම හේතුවෙන් සිය ගුවන් සීමා වසාදැමීම නිසා 2017 අප්‍රේල් මස 27 වැනි දින සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් ගමන් කාලසටහන් වෙනස් කර ඇති බව ගුවන් සමාගම දන්වා සිටියි.

ගුවන් මගීන්ට මේ  පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා සංචාරක නියෝජිත හමුවීමෙන් හෝ ළඟම ඇති ශ්‍රී ලංකන් කාර්යාලය හෝ ශ්‍රී ලංකන් ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානයේ දුරකථන අංක 0094 197331979 සහ www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් දැනුවත් විය හැකි බවත්, ඒ අනුව මෙම දිනට (අප්‍රේල් 27 වැනිදා) පමණක් මැලේසියාව, සිංගප්පූරුව,තායිලන්තය  සහ ඉන්දුනීසියාව වෙත සිදුකිරිමට නියමිත  ගුවන් පිටත්වීම් සහ පැමිණීම් කාලසටහන් පහත සඳහන් පරිදි වෙනස් කර ඇති බවත් ගුවන් සමාගම දන්වා සිටියි.

ශිෂ්‍ය ව්‍යාපාරය ඇත්තටම සටන් කරන්නේ පීඩිත මිනිසුන්ගේ අයිතීන් දිනා ගැනීමටයි

  
විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සම්බන්ධයෙන් මෙරට පවතින්නේ නොනවතින කතාබහකි. සිසු අරගල, නවකවදය යන කාරණා සරසවි සිසුවා ගැන කතා කරන විට නිරතුරුවම මතුව එයි. පසුගිය දිනවල විශ්වවිද්‍යාල පද්ධතියේ මතුවූ ඇතැම් නොසන්සුන්කාරී සිදුවීම් හමුවේ, සරසවි සිසුන් පිළිබඳව මහජනතාවට යම් අප්‍රසාදයක් ගොඩනැගුණි. අප ඔබ නොදකින මෙම සිදුවීම් පිළිබඳව ඔවුන් කියන කතාව ගැන මේ සංවාදය ගොඩනැගෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු උප සභාපති රොෂාන් ප්‍රියසංජන සමගයි.

Q විශ්වවිද්‍යාලයකට එන ළමයෙක් තවත් කෙනෙක්ට අමානුෂික විදියට නවකවදය දෙන්න පෙළඹෙන්නේ ඇයි?
 
ඇත්තටම මේක විශ්වවිද්‍යාලය තුළ නිරතුරුවම කතා කරන කාරණයක්. උපාධියක් ගන්න විශ්වවිද්‍යාලයට එන ළමයින්ගෙන් බොහොම කිහිපදෙනෙක් තමයි මීට යොමු වෙන්නේ. මේ විභාග ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය තුළ විශ්වවිද්‍යාලයට එන බහුතරයක් පිරිස ආත්මාර්ථකාමී බවෙන්, හීනමානයෙන්, සමාජ ආශ්‍රයක් නොමැතිව හැදුණු අය.

අපි දැක්ක දේ තමයි ඒ ඔස්සේ පෞරුෂ දුර්වලතා තිබෙන, සමාජ ඇසුර අහිමි වුණ, නායකත්ව ලක්‍ෂණ නිරායාසයෙන් මතු නොවුණු සහ සම වයස් කණ්ඩායම් අතර පිළිගැනීමක් තොතිබුණු ඉතා සුළු පිරිසක් තමයි මේ නවකවද සිදුවීම් වලට මූලික වෙලා තිබෙන්නේ. ඒ වගේ පිරිස් තමන්ට පිළිගැනීමක් නිර්මාණය කරගන්න, අනන්‍යතාවයක් ගොඩනගා ගන්න මෙවැනි දේට යොමු වෙනවා.

Q නවකවදය ගැන ශිෂ්‍ය සංගම්වල මතය මොකක්ද?
 
පොදුවේ ගත්තාම සියලුම ශිෂ්‍ය සංගම් නවකවදයට විරුද්ධයි. විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ බහුතරයක් දෙනා නියෝජනය කරන මතය තමයි ඒක. නමුත් කිහිපදෙනෙක් විශ්වවිද්‍යාල තුළ තිබෙන නිදහස් පරිසරයත්, නවකවදය කියන දේ ඉස්සර විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබුණ නිසාත් නවක සිසුන්ට හිරිහැර කරන්න යොමු වෙනවා.

Q නවකවද චෝදනාවන්ට ලක්වන අය වෙනුවෙන් ශිෂ්‍ය සංගම් ඉදිරිපත් වෙනවාද?
 
කිසිසේත්ම එවැනි පිරිස් වෙනුවෙන් ශිෂ්‍ය සංගම් පෙනී සිටින්නේ නැහැ.

Q පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවුණ නවක වද සිදුවීම ගැන මොකද හිතෙන්නේ?
 
පේරාදෙණිය සිදුවීමෙන් පැහැදිලි වෙන්නේ තවමත් නවකවදය අනුමත කරන සුළු පිරිසක් ඉන්නවා කියලා. නමුත් කවුරුත් කතා කරන්නේ නැහැ ඇයි ඒ ළමයින්ට විශ්වවිද්‍යාලයේ නැතුව ඉන් පිටතට අරන් ගියේ කියලා. සමහර පිරිස් ඒ නිවස වධකාගාරයක් කියලා හැඳින්වුවාට ඇත්තටම ඒක වධ දෙන්න ගත්තු නිවසක් නෙවෙයි. චෝදනා ලබපු සිසුන් ලැඟුම් ගෙන හිටියේ ඒ නිවසේ.

විශ්වවිද්‍යාලය තුළ නවකවදය අනුමත නොකරන නිසාත්, බහුතරය ඊට විරුද්ධ  නිසාත් තමයි අර සිසුන්ට මේ පිරිසට හොර රහසේ පිටතට ගෙන්න ගන්න සිදුවුණේ. ශිෂ්‍ය සංගම් වගේම අන්තරය පවා නවකවදයට විරුද්ධයි. නමුත් එහෙමයි කියලා අපිට අත පිහගන්න බැහැ. අපි කණගාටු වෙනවා මේ සිද්ධිය ගැන.



Q විශ්වවිද්‍යාලයේ බොහෝදෙනා 'රැග්' එක අනුමත කරන්නේ ඇයි?
 
එතන තිබෙන්නේ මේ වගේ දෙයක්. ඇත්තටම පිටත සමාජය හඳුන්වන 'නවක වදයත්', විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ තිබෙන 'රැග්' එකත් කාරණා දෙකක් බවට පත්වෙලා තිබෙනවා. පිටත සමාජය නවකවදය කියන්නේ හිරිහැර කිරීමට. නමුත් විශ්වවිද්‍යාල පුරාම 'රැග්' එක කියලා හඳුන්වන්නේ නවකයන්ට පළමු වසර කාලයේදී මුහුණදෙන විනෝදයක් ගෙන දෙන අත්දැකීම් රැසක් සහ පද්ධතිය පවරාදීම එහෙමත් නැත්තම් සංස්කෘතිය පවරාදීම කියන ක්‍රියාවලියට. ඒ නිසයි බහුතරයක් දෙනා රැග් එක ඕන කියලා කියන්නේ.

Q මොකද්ද ඒ උප සංස්කෘතිය පවරාදීම කියන්නේ? ඒක සිද්ධ වෙන්නේ කොයි විදියටද?
 
පි- වසර 13ක කාලයක් තරඟකාරී අධ්‍යාපන ක්‍රමයකට මුහුණදීලා ආත්මාර්ථකාමී බව, හීනමානය, තරගකාරීබව කියන දේ වලින් පිරිලා විශ්වවිද්‍යාලයට එන මේ නවක ශිෂ්‍යයා, සංවේදී හදවතක් තියෙන, පාරාර්ථකාමී, සහෝදරත්වයෙන් යුතු සමාජශීලී පුද්ගලයෙක් බවට පත්කරන ක්‍රියාවලිය තමයි මේ උප සංස්කෘතිය පවරාදීම හෙවත් පද්ධතිය පවරාදීම කියන්නේ.

මෙතනදී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ නවකයන්ට නිතරම කියන දෙයක් තමයි 'උඹලා ඔක්කොම ආවේ එකට, ඩිග්‍රිය නැතුව එකෙක්ටවත් එළියට යන්න බැහැ. උඹලගෙන් කාටහරි ඩිග්‍රිය නැති වුණොත් හැමෝම ඒකට වගකියන්න  ඕන.' කියන දේ. එතනදී තමයි විෂය කරුණු අමාරු අයට පුළුවන් අය උදව් කරන්නේ, සටහන් ගෙනත් දෙන්නේ ඒ ආදී වශයෙන් එකිනෙකා අධ්‍යයන කටයුතු වලට උදව් කරගන්නේ. සාමාන්‍යයෙන් නිවසේ ඉඳලා විශ්වවිද්‍යාලයට එන්නේ බොහොම සුළු පිරිසක්.

ඉතිරි බහුතරය විශ්වවිද්‍යාල නේවාසිකාගාර හෝ ඒ අවට තාවකාලිකව පදිංචිවෙලා ඉන්නවා. ඒ කාලය ඇතුළේ යම් සිසුවෙක්ට අසනීපයක් වුණොත් ඔහුගේ සියලු කටයුතු සිද්ධ කරන්නේ, ඔහු වෙනුවෙන් දේශනවලට සහභාගී වෙලා සටහන් සකසලා දෙන්නේ මේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඒ සහෝදරත්වය ඇති කිරීමයි මේ ක්‍රියාවලියේදී වෙන්නේ. මේ නවක කාල සීමාව තුළ නවක ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය තුළින් බිහිවූ කවි, නාට්‍ය ආදිය ඉදිරිපත් කරනවා.

ශිෂ්‍ය වීරයන් ගැන කියලා දෙනවා. විශ්වවිද්‍යාලයේ තිබෙන ගොඩනැගිලි, ස්ථාන වලට අප විසින් නිර්මාණය කරගත් නම් ගැන දැනුවත් කරනවා. ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය, විශ්වවිද්‍යාල භාෂාව උගන්වනවා. මේ උප සංස්කෘතීන් විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වෙනවා. මාස කිහිපයකින් පස්සේ පද්ධතිය පැවරීම අවසන් වෙනවා. ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගේ වියදමින් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශාල උත්සවයක් පවත්වලා ඔවුන්ව නිල වශයෙන් විශ්වවිද්‍යාල සංස්කෘතියකට පිළිගන්නවා.



Q පිටත සමාජය නොදකින විශ්වවිද්‍යාල ප්‍රජාව විසින් සිදුකරන සමාජ සත්කාර රැසක් තිබෙනවා නේද?
 
නවක වදය කතා කරන තරමට කවුරුවත් මේ ගැන කතා කරන්නේ නැහැ. ඇත්තටම විශාල වශයෙන් සමාජ සත්කාර සිදුකරනවා. විශ්වවිද්‍යාල මගින් අධ්‍යයනාංශ වශයෙනුත් ශිෂ්‍ය සංගම් මගිනුත් බොහෝ සමාජ සත්කාර වසරකට සිද්ධ කරනවා. උදාහරණයක් විදියට ගත්තොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සෑම වසරකම පුස්තකාලයක් ඉදිකරනවා.

තවත් කියනවා නම් යම් ස්වාභාවික ආපදාවකදී අපි ආධාර එකතු කරලා, අධ්‍යාපනය ලබන ළමයින්ට පොත්පත් එකතු කරලා බෙදා දෙනවා. මේ වගේ විශාල වැඩ කොටසක් විශ්වවිද්‍යාලයක්ම සිදුකරනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 'සහෘද යාත්‍රා' වැඩසටහනින් සෑම අවුරුද්දකම දුෂ්කර පාසලක් තෝරාගෙන ඒ පාසලට ලක්‍ෂ විස්සක පමණ පුස්තකාලයක් හදනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයෙනුත් එවැනි ව්‍යාපෘතියක් සිදුකරනවා. ඒ වගේම අ.පො.ස උසස් පෙළ විභාගය වෙනුවෙන් සම්මන්ත්‍රණ සංවිධානය කරනවා. ඒ වගේම 'පූජිත පුජා' වැඩසටහනින් පාසලක අඩුපාඩු සොයලා ඒ සියලු අඩුපාඩු අපි හදනවා.

Q විශ්වවිද්‍යාල ප්‍රජාව නියෝජනය කරමින් ජනතාවට දෙන්න පණිවුඩයක් තියෙනවාද?
 
ශිෂ්‍ය ව්‍යාපාර ඇත්තටම සටන් කරන්නේ ශිෂ්‍යයන්ගේ අයිතීන් දිනාගන්න විතරක් නෙවෙයි. අපි සංවිධානය වෙන්නේ පීඩිත මිනිසුන්ගේ අයිතීන් දිනා ගැනීමත් එක්ක. අපිට තිබෙන්නේ සුළුතරයක් වූ ධනපති පංතිය තමන්ගේ ලාභය ගැන පමණක් තකා සමාජයේ අනෙකුත් පංති සහ පාර්ශ්ව පීඩාවට ලක්කරමින් පාලනය කරනු ලබන සමාජ ක්‍රමයක්.

මේ පීඩාවට පත්වන පාර්ශ්වයන්ට තිබෙන විසඳුම තව තවත් මේ දේශපාලනඥයන් පාර්ලිමේන්තු යැවීමවත්, මේක අපේ කරුමය කියලා හිත හදාගැනීමවත් නෙවෙයි. අප කළ යුත්තේ සමාජයේ පීඩාවට පත්වන මේ සියලු පිරිස් එකට එකතුවෙලා එකමුතුව සිදුකරන ශක්තිමත් අරගලයකින් මේ අසාධාරණ සමාජය ක්‍රමය වෙනස් කිරීම. මිනිස්සුන්ට කියන්නේ තමන්ට පීඩාවක් දැනෙන්නේ කොතැනද, ඊට එරෙහිව හුදකලා වන්න නෙවෙයි. හොඳින් සංවිධානය වෙලා නොබියව සටන් වදින්න කියලා.

|නඳුන් ශ්‍යාමාල්

සිය ආගම සෙවීමට DNA පරීක්ෂණයක් කළ නළුවා | VIDEO



බොලිවුඩ් නළු නවාසුදීන් සිද්ධිකී සිය ආගම සෙවීම සඳහා ඩී.එන්.ඒ. පරීකෂාවක් සිදුකර තිබේ. ඔහු එම පරීක්ෂණයේ ප්‍රතිඵල සිය ට්විටර් ගිණුම හරහා පළ වීඩියෝවක් ලෙස පළකර තිබේ. 16.66 යන මාතෘකාව යටතේ මෙම වීඩියෝව ඔහු ට්විටර් ගිණුමට එක්කර තිබේ. තමාව හඳුන්වා දෙමින් වීඩියෝව ආරම්භ කරන නවාසුදීන් පවසන්නේ සිය ආගම සොයාගැනීම සඳහා ඩි.එන්.ඒ. පරීක්ෂණයක් කළ බවත් එහි ප්‍රතිඵල ලැබුණු බවත්ය.

වර්තමානයේ ලෝකයේ පවතින ආගම්වාදී ගැටලු සඳහා ජනතාවට පණිවිඩයක් ලබාදීමට ඔහු මෙම වීඩියෝව නිර්මාණය කර තිබුණු අතර, ඒ ඒ ආගම්වලට අනන්‍ය වූ ඇඳුමෙන් සැරසී සිටින නවාසුදීන් ඩී.එන්.ඒ. ප්‍රතිඵලය අනුව තමන් සෑම ආගමකමට සියයට 16.66ක් අයත් බව පෙන්වා දෙයි. අවසානයේදී තමන් 100%ක් කලාකරුවෙක් බවට  හඳුනාගත් බව නවාසුදීන් පවසයි.

Untitled-1 copy
Capture

ඉන්දීය සංචිතයට බාලගිරි දෝෂය

 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ශූරයන්ගේ කුසලාන (ICC Champions Trophy) ක්‍රිකට් තරගාවලියට සහභාගි වන සියලු රටවල් සිය සංචිත  (25 දා) පෙර නම්කළ යුතුවූ අතර ඉන්දියාව පමණක් මෙතෙක් ඔවුන්ගේ සංචිතය නම්කර නොතිබීමෙන් ගැටලුකාරී වාතාවරණයක් මතුව තිබේ.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට රටවල් 08 ක් (ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව,එංගලන්තය,නවසීලන්තය, බංග්ලාදේශය) සහභාගීවන අතර ඉන්දියාව හැරුණු විට අනෙක් සියලු රටවල්  (25 දා) පෙර සිය සංචිත නම්කර තිබුණි. කෙසේ වෙතත් සංචිතය නියමිත දිනට පෙර ප්‍රකාශයට පත්කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය හේතු ලෙස සඳහන් කර තිබුණේ මෙහෙයුම් කාරණා හේතුවෙන් මෙලෙස සංචිතය නම් කිරීමට නොහැකිවූ බවයි.

එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් අම්තාබ් චෞද්රි හා ප්‍රධාන විධායක නිලධාරී රාහුල් ජෝරි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීම සඳහා සහභාගී වී සිටීමත්, නායක විරාට් කෝලි අයි.පී.එල්. තරගාවලියට සහභාගී වී සිටීමත් හේතුවෙන් මෙම තිදෙනාට එකට එකතුවී කණ්ඩායම තේරීමට නොහැකි වූ බවයි. කෙසේ වෙතත් තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය ඉතා ඉක්මනින් නම් කිරීමට පියවර ගන්නා බවද ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

 මෙම ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දීය කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීමේ වාතාවරණයක් මතුව තිබෙන අතර සංචිතය නම් කිරීම සම්බන්ධව ගැටලුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තුළද දැඩිව කතාබහට ලක්ව තිබේ.

පින්නවල අලි ඇතුන් හදාගන්න දෙන්න සැලසුම්



පින්නවල අලි අනාථාගාරයේ රඳවා ඇති අලි ඇතුන්ගෙන් යම් ප්‍රමාණයක් සුදුසුකම් සහිත පුද්ගලයන් හෝ පූජ්‍ය ස්ථාන වෙත ලබා දීමට රජයේ අවධානය යොමුවී තිබේ.

මෙම අලි අනාථාගාරයේ අක්කර 30ක් වූ මුළු භූමි ප්‍රමාණය තුළ වර්තමානයේ අලින් 88 දෙනෙකු රඳවා ඇති බවත්, මෙම සීමිත භූමි ප්‍රමාණය තුළ එම සතුන් 88 දෙනා නඩත්තු කිරීම දුෂ්කර බවත්, ඒ අනුව මෙම සතුන්ගෙන් යම් ප්‍රමාණයක් සුදුසුකම් සහිත පුද්ගලයන් හෝ පූජ්‍ය ස්ථාන වෙත ලබා දීමට කැබිනට් මණ්ඩල්‍ය වෙත යොමු කළ යෝජනාවකට අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලි ඇතුන්ගෙන් කොටසක් නිශ්චිත කොන්දේසි වලට යටත්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටුවක් මඟින් ‍ සුදුසුකම්ලත් පුද්ගලයන් සහ ආයතන වෙත ලබා දීමටත්, ඒ සඳහා වන විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

එසේම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ කළමනාකරණය කරනු ලබන අලි ඇතුන් සංචිතයක් මඟින් පෙරහැර සඳහා හීලා අලිඇතුන් ලබාදීමත්, හීලෑ අලිඇතුන්ගේ ලියාපදිංචිය විධිමත් කිරීම හා ආරක්ෂාව සැලසීම සඳහා නියෝග නිකුත් කිරීමත් සඳහා වූ නිර්දේශද අනුමත කර තිබේ.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 65ක්



නව පාසල් වාරය ආරම්භවීමත් සමඟ පාසල් ආශ්‍රිතව ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට. සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය නිලධාරීන්, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ලබන 28 සහ 29 යන දෙදින තුළ පාසල් පරිශ්‍ර පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

එම පරීක්ෂා කිරීම්වලදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර පවතින පාසලක් හමු වුවහොත් එම පරිශ්‍ර පිරිසිදු කිරීමට මාසයක කාලයක් ලබා දීමට නියමිතය.

එම කාලයෙන් අනතුරුව අදාළ පාසලේ මදුරු කීටයින් බෝ වන ස්ථාන හමුවුවහොත් එහි විදුහල්පතිවරයාට එරෙහිව නඩු පවරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,985 දෙනෙකු සහ ඩෙංගු මරණ 65 ක් වාර්තා වී තිබේ.

අවදානම් දිස්ත්‍රික්ක 12ක් හඳුනාගෙන ඇති අතර සමස්තයක් ලෙස එම දිස්ත්‍රික්කවල පාසල් පද්ධති තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ කළ ලොකු වෙනසක් ගැන හෙළි වෙයි


හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයට පත්වී දින 10 කට පසු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ එවකට මානව සම්පත් අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කල්‍යානි ගුණතිලක ප්‍රකාශ කළා.

ඒ, ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින්.

ඇය කියා සිටියේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අමතරව සහකාර සහ නියෝජ්‍ය අධිපතිවරුන්ගේ රාජකාරිවල වෙනස්කම්ද සිදුවූ බවයි.

තමන්ගේ වසර 30 කට අධික සේවා කාලය තුළදි මෙවන් අත්දැකීමකට කිසිදිනක මුහුණ නොදුන් බවද සාක්ෂි ලබාදෙමින් හිටපු මානව සම්පත් අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළා.

ඇය පෙන්වා දුන්නේ මෙම ස්ථාන මාරුවීම්වලදී බැඳුම්කර නිකුත් අධීක්ෂණය කරන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කිසිදු පළපුරුද්දක් නොමැති දීපා සෙනෙවිරත්න පත් කිරීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පියවර ගත් බවයි.

තමන්ගේ ළඟම මිතුරියක් වූ දීපා සෙනෙවිරත්නට එම තනතුරෙහි කටයුතු කළ නොහැකි බවට නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමග තමන් කිහිපවිටක්ම හිටපු මහ බැංකු අධිපතිවරයාව දැනුවත් කළ බවයි ඇය කියා සිටියේ.

කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන්ගේ එම තීරණය වෙනස් නොවූ බවත් එම ස්ථාන මාරුවීම් හේතුවෙන් මහ බැංකුවේ විශාල වෙනසක් සිදුවූ බවත් සාක්ෂිකාරිය ප්‍රකාශ කළා.

මේ අතර, කොමිසම හමුවේ ඊයේ දිනයේ සාක්ෂි ලබාදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති සී.පී.ඒ. කරුණාතිලක කියා සිටියේ තමන් ඇතුලු බහුතර සේවකයින් මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අසතුටෙන් පසුවූ බවයි.

මෙම සිද්ධියෙන් පසුව අර්ජුන් මහේන්ද්‍රන් සමග මතගැටුම් කිහිපයක් ඇතිවූ බවත්, ඒ හේතුවෙන් මහ බැංකුවේ සේවය කිරීමට සුදුසු වාතාවරණයක් නොතිබීම හේතුවෙන් විශ්‍රාම යාමට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති සී.පී.ඒ. කරුණාතිලක සඳහන් කළා.