27 April 2017

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 65ක්



නව පාසල් වාරය ආරම්භවීමත් සමඟ පාසල් ආශ්‍රිතව ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට. සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය නිලධාරීන්, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ලබන 28 සහ 29 යන දෙදින තුළ පාසල් පරිශ්‍ර පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

එම පරීක්ෂා කිරීම්වලදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර පවතින පාසලක් හමු වුවහොත් එම පරිශ්‍ර පිරිසිදු කිරීමට මාසයක කාලයක් ලබා දීමට නියමිතය.

එම කාලයෙන් අනතුරුව අදාළ පාසලේ මදුරු කීටයින් බෝ වන ස්ථාන හමුවුවහොත් එහි විදුහල්පතිවරයාට එරෙහිව නඩු පවරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,985 දෙනෙකු සහ ඩෙංගු මරණ 65 ක් වාර්තා වී තිබේ.

අවදානම් දිස්ත්‍රික්ක 12ක් හඳුනාගෙන ඇති අතර සමස්තයක් ලෙස එම දිස්ත්‍රික්කවල පාසල් පද්ධති තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.

No comments:

Post a Comment