27 April 2017

සයිටම් වෙනුවෙන් කඩේ යන රජයේ යෝජනා විසිවෙයි; සටන ඇවිලෙයි (විශේෂ)




වත්මන් යහපාලන ආණ්ඩුව මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට පක්ෂපාතී ලෙස කටයුතු කරමින් එම ප්‍රශ්නය කල්මරමින් සැලසුම් සහගත උපායක නිරත වන බවට අනාවරණයවේ. සයිටම් ගැටලුව තුලින් රෝගි ජනතාවගේ ජිවත්වීමේ අයිතියට එල්ල වී ඇති තර්ජනය සැලකිල්ලට ගත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් හා වෛද්‍ය ආචාර්ය සංගම් සමඟ එක්ව අර්බුදය නිමා කරලීම සඳහා වන යෝජනා මාලවක් බලධාරින් වෙත බාරදී මේ වනවිට මාසයකට අධික කාලයක් ගතව ඇත.

එම යෝජනා පසෙකින් තමා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් රජයේ යෝජනා ලෙස සයිටම් ආයතනය රැක ගැනීමේ යෝජනාවලියත් මේ වන විට රට හමුවේ තබා ඇත.

රජයක් සතු අත්හල නොහැකි මූලික වගකීමක් වනුයේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමයි. එය තහවුරු කිරීම පසෙක තබා පෞද්ගලික ආයතනක් සුරක්ෂිත කිරීමට ඇමතිවරුන් දෙදෙනා විසින් දූෂිත නිලධාරීන් සමඟ ගන්නා උත්සාහය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු. එමෙන්ම රජයේ යෝජනා ලෙස ඉදිරිපත්ව ඇති ව්‍යාජ යෝජනා ප්‍රතික්ෂේප කරමු.

ප්‍රථමයෙන් කිව යුත්ත නම් පසුගිය අභියාචනාධිකරණ නඩුවේ වග උත්තරකරුවන් ලෙස පෙනී සිටි සෞඛ්‍ය හා උසස් අධ්‍යාපන ඇමතිවරුන් දෙදෙනා උසාවිය හමුවේ ප්‍රකාශ කර සිටි ස්ථාවරය එම නඩුවේ තීන්දුව සයිටම් ආයතනයට හිතවාදී ලෙස ලැබීම සඳනා ප්‍රධාන වශයෙන්ම බලපෑ බවයි. එදා නඩුවේදී නොකී කථාවක් අද වන විට ඇමතිවරුන් දෙපල රට හමුවේ ප්‍රකාශ කරමින් සිටියි. මෙම ප්‍රකාශයන් ඇමතිවරුන් විසින් කල යුතුව තිබුණේ අධිකරණයටය. ගරි අධිකරණය කරුණු වසන් කර සයිටම් හිතවාදිව කටයුතු කිරීම පිළිබඳ ඇමතිවරුන් දෙපල ජාතියෙන්ම සමාව ගත යුතුය. දැන්වත් තම ස්ථාවරයන් සියල්ල වහාම උසාවියට දැනුම් දිය යුතුය.

තත්වය වඩාත් බැරෑරුම් වනුයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධ වන තාක්ෂණික තීරණ ගණනාවක් තම තනි මතයට අනුව තීරණය කිරීමට මෙම ඇමතිවරුන් දෙදෙනා කටයුතු කර තිබීමයි. රටේ දේශපාලන උන්මත්තකභාවය මේ තුලින් සනාථ වෙයි. ඕනෑම රටක මේ සම්බන්ධ තාක්ෂණික තීන්දු ගැනීම සඳහා පිහිටුවා ඇති තාක්ෂණික උසාවියක් බඳු වූ වෛද්ය සභාව විසින් කලයුතුව ඇති කාර්ය භාරය වෛද්‍යවරුන් නොවන මෙම ඇමති වරුන් දෙදෙනා විසින් සිදු කිරීම ඉතා බරපතල තත්වයක් බව අපගේ විශ්වායකයි. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තම කටයුතු බලපෑමකින් තොරව සිදු කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය විය යුතු බව අප තරයේ විශ්වාස කරමු.

මෙහිදී තවදුරටත් මතුවන කරුණු ගණනාවකි.

 1. අද වනවිට ඇමතිවරුන් දෙදෙනාද පිළිගන්නා පරිදි සයිටම් ආයතනයෙන් ලබා දෙනුන් ලබන පුහුණුව ප්‍රමාණවත් නොවන බව ඇමතිවරුන් දෙදෙනා අභියාචනාධිකරණයට නොකිවේ ඇයි?

2. අද වන විට ඇමතිවරුන් දෙදෙනාද පිළිගෙන ඇති පරිදි සයිටම් ආයතනයෙන් ලබාදෙන MBBS උපාධිය ප්වතින ස්වභාවයෙන්ම පිලිගත නොහැකි බව අභියාචනාදිකරණයට නොකීවෙ ඇයි?

3. වෛද්‍ය සභාව මඟින් සයිටම් ආයතනය පරික්ෂාකර බලා නිකුත් කල තාක්ෂණික වාර්තාව සෞඛ්‍ය ඇමතිවරයාට භාරදී මාස 18 කට ආසන්න කාලයක් ගතව ඇතත් සෞඛ්ය අමාත්‍යවරයා එම ලියවිල්ලට අත්සන් තබා එම වාර්තාවට නෛතිකභාවයක් ලබා දීමට කටයුතු කට නැත්තේ ඇයි?

4. විශ්ව විද්‍යාල පනතට අනුව සයිටම් ආයතනයේ පැවත්ම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකය මේ දක්වා ලැබී නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් නොදෙන්නේ ඇයි?

5. සයිටම් ආයතනයෙන් පිටවන Mඹ්ඹ්S උපාධ්ධාරින්ට වැඩිදුර පුහුණුව ලබා දිය යුතු විෂය ක්ෂේත්‍ර නම් කිරීමට ඇති තාක්ෂණික හැකියාව කුමක්ද?

6. එම පුහුණුඅව ලබා දිය යුතු පුහුණු මධ්‍යස්ථාන/ රෝහල් පිළිබඳ තීරණය කිරීම සඳහා ඇමතිවරුන් දෙදෙනාට ඇති හැකියාව කුමක්ද?

7. එම පුහුණුව ලබාදිය යුතු පුහුණු මධ්‍යස්ථාන/ රෝහල් පිළිබඳ තීරණය කිරීම සඳහා ඇමතිවරුන් දෙදෙනාට ඇති හැකියාව කුමක්ද?

8. නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පිලිගෙන ඇත්තේ කවුද?

9. නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් නම් එය පැවතිය යුත්තේ රටේ රෝහල් පද්ධතිය තුල ඉහලම මට්ටමේය. නමුත් හාස්‍යජනක කරුණ නම් මෙම ඉහලම මට්ටමේ ඇතැයි කියන රෝහලේ පුහුණුව ප්‍රමාණවත් නොවන බව කියා වැඩිදුර පුහුණුඅව ලබා දීමට යෝජනා කරන අවිස්සාවේල්ල හා හෝමාගම යන මූලික රෝහල්, රෝහල් පද්ධතිය තුල ඇත්තෙ පස්වන මට්ටමේය.

10. එමෙන්ම හෝමාගම මූලික රෝහල මේ වන විටත් ජයවර්ධනපුර වෛද්ය පීඨයේ සායනික පුහුණුවේ කොටසක් ලබා දීමට භාවිතා කරන බව මේ ඇමතිවරුන් දෙපල නොදන්නවාද?

11. සයිටම් අවසන් පුහුණුව ලබාගත් සිසුන් හට නැවතත් වෛද්‍ය සභාව හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව මඟින් පවත්වන විභාගයන් පැවත්වීම සඳහා ඇති නීතිමය ප්‍රතිපාදන මොනවාද?

මෙම මූලික ගැටඋ සියල්ලට අමතරව මේ ඇමති දෙපල මේවන විට ඉදිරිපත් කර ඇති යෝජනා හරහා ප්‍රශ්ණය විසඳෙනු වෙනුවට වඩාත් සංකිර්ණ තැනකට ගමන් කරනු ඇත යන්න අපගේ හැඟීමයි.

ඒ අනුව වහාම අප විසින් ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනා සැලකිල්ලට ගෙන අවසන් සත්‍ය විසඳුම් ගෙන එන් මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

-රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීමකි-

No comments:

Post a Comment