27 April 2017

පොලිස්පති පූජිත් මැරයෙක්: බොරු නම් නඩු දාන්න! – නිව්ස් වෙබ් අභියෝගය



පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඔහුගේ නියෝග පරිදි නියමිත වේලාවට භාවනා නොකිරීමේ වරදට එම්. සමරකෝන් බණ්ඩා නම් සුළු සේවකයකුට බෙල්ලෙන් අල්ලා පහරදීම සහ රාගම පදිංචිකරුවකු වන සමරකෝන් බණ්ඩා එදින පොලිස් මූලස්ථානයේ විදුලි සෝපානය ක්‍රියාත්මක කරවීමේ යෙදී සිටියදී මෙසේ පොලිස්පතිවරයාගේ පහරදීමට ලක්වීම යනු කරුණු අසත්‍ය නම් ඒ බව වාර්තා කළ තම වෙබ් අඩවියට  අධිකරණයේ නඩු පවරන ලෙස ලංකා නිව්ස් වෙබ් අඩවිය අභියෝග කර තිබේ.

ලංකා නිව්ස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන මෙරට ලියාපදිංචි වෙබ් අඩවියකි.

පොලිස්පතිවරයාට වැළදී ඇති  භාවනා උන්මාදයේ  ඊළඟ ගොදුර බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ස්ථානාධිපතිවරයා පත්ව ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කරයි.   එම සිදුවීමද අසත්‍ය නම් තමන්ට නඩු පවරණ ලෙස ලංකා නිව්ස් වෙබ් තවත් අභියෝගයක් කර තිබේ.

පොලිස් මූලස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානී  සහ එහි ස්ථානාධිපතිවරයා ලෙස ක්‍රියා කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලුඩොවයික් මහතාට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් කරන ලද පහරදීම එම වාර්තාවට අනුව මෙසේය:

අදාල දිනයෙහි උදෑසන 8.30 සිට 8.45 දක්වා තමන්ගේ නියෝග අනුව භාවනා වැඩසටහන ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීමට ගිය පොලිස්පතිවරයා විදුලි සෝපාන ක්‍රියාකරුට පහර දීමෙන් අනතුරුව කෙලින් ම ගොස් ඇත්තේ පොලිස් මූලස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙතය. එහි ස්ථානාධිපතිවරයා ලෙස ක්‍රියා කරන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලුඩොවයික් මහතාය. ඔහු බර්ගර් ජාතික කතෝලික බැතිමතෙකි. ඒ මොහොතේ ඔහු සුපුරුදු පරිදි තම කාර්යාලයෙහි දෛනික රාජකාරි වල නිරත වෙමින් සිට ඇත. මද කිපුණු ගතියෙන් යුතුව එතැනට කඩා වැදුණු පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා ලුඩොවයික් මහතාගෙන් “තෝ මොකද බොල භාවනා කරන්නෙ නැත්තේ ?” යි විමසමින් අමු තිත්ත කුණුහරුපයෙන් බැණවැදී තිබේ. එක්වරම සිදු වූ සිදුවීමෙන් කිසිවක් සිතාගත නොහැකිව උඩ බිම බැලූ ලුඩොවයික්, පෙරළා පොලිස්පතිවරයාගෙන් විමසා ඇත්තේ ” සර්, මම මේ කතෝලිකයෙක් නේ .. ඇයි සර් මට භාවනා කරන්න කියන්නේ ?” යනුවෙනි. කෝපය දෙගුණ තෙගුණ වී ගිය පොලිස්පති පූජිත එවිට “තෝ මොන ආගමේ උනත් මට කමක් නෑ බල්ලෝ, මං කියන විදියට භාවනා කරපිය” යැයි කියමින් දිගින් දිගට ම බැණ වැදී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තවමත් පිළිතුරක් දී නැති අතර එවැනි පිළිතුරක් ලදොත් එය Lanka e Voice විසින් පළ කරනු ඇත.

No comments:

Post a Comment