08 April 2017

2017 දී දෙස් විදෙස් අයගේ වැඩ නිසා ඔබ ඇන්දුනු හොදම බොරු සෙට් එක මෙන්න



අප්‍රේල්  1 වෙනිදා කියන්නේ ගොඩ දෙනෙක් මෝඩයාට ඇන්ඳෙන දවසක්. ඒකට හොඳම යාළුවාද, පෙම්වතා පෙම්වතියද, අයියා මල්ලිද කියලා. හැමෝම බොරු කියලා තව කෙනෙක්ව රව්ටන්න තමයි බලන්නේ. ඒ අතෙර් සමහර විහිළුවලට නම් ඇස් රතුවෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා.

ඔය හැමදේම අතරේ පහුගිය 1 වෙනිදට යෙදිලා තිබුණු මෝඩයින්ගේ දිනේදී ලෝකෙ පුර‍ා වගේම අපේ රටෙත් ගොඩදෙනෙකුගේ අවධානයට යොමුවුණු බොරු ටිකක් ගැන පුංචි විස්තරයක් තමයි මේ.....

1. සංගක්කාර නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වීම



කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් සමුඅරන් දැන් අවුරුදු කිහිපයක් වෙනවා. ඒත් ඔහුට තියෙන ආදරේ නම් ක්‍රිකට් ලෝලීන් අතරින් තාමත් අඩුවෙලා නෑ. ඒ නිසා අප්‍රේල් 1 වෙනිදාThePapare.com වෙබ් අඩවියෝ ප්‍රවෘත්තියක් විදියට වාර්තා කරලා තිබුණා සංගක්කාර නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වෙනවා කියලා. මේක දැකපු ගොඩ දෙනෙක් පුවත විශ්වාස කළා වගේම ඒ ගැන යාළුවන් අතරෙත් තොරතුරු හුවමාරු කරගත්තා. ඒත් අප්‍රේල් 2වෙනිදා මේ ගැන සඳහන් කරලා තිබුණු ThePapare.com වෙබ් අඩවිය කියලා තිබුණේ අප්‍රේල් 1 වෙනිදා මෝඩයින්ගේ දිනය වෙනුවෙන් තමයි සංගක්කාර ගැන ඒ විදියට ප්‍රවෘත්තියක් පළකළේ කියලා.

 2. ගූගල් සමාගමේ Gnome උපකරණය හඳුන්වාදීම


ලොවපුරා ප්‍රචලිත ගූගල් සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදයක් ලෙස Google Gnome නම් උපකරණයක් වෙළඳපලට නිකුත් කරන බවට වන වීඩියෝවක් අප්‍රේල් 1වනදා අන්තර්ජාලයට නිකුත් කර තිබුණා. එම උපකරණය එදිනෙදා වැඩකටයුතු පහසු කර දෙන බවත් අපට අවශ්‍ය දැනුම ලබාදෙන බවත් එම වීඩියෝවෙන් පවසා සිටියා. මේ පිළිබඳව බොහෝ දෙනෙකු විශ්වාස කළ අතර අන්තර්ජාලය ඔස්සේ එම වීඩියෝව මිලියන 4කට අධික පිරිසක් නරඹා තිබුණු නමුත් පසුව දැනගන්නට ලැබුනේ අප්‍රේල් 1වනදාට යෙදෙන මෝඩයින්ගේ දිනය වෙනුවෙන් Google සමාගම මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බවයි.

3. හොන්ඩා සමාගමේ නවතම නළා ශබ්ද සහිත සුක්කානම



හොන්ඩා සමාගමද අප්‍රේල් 1වනදා අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ අතර එයින් පෙන්වා දී තිබුනේ රියදුරා විවිධ අවස්ථාවලදී දක්වන ප්‍රතිචාරයන්ට අනුකූලවන නාදවන ලෙසින් මෝටර් රථවලට නළාවක් හඳුන්වා දී ඇති බවයි. සිනහව, තරහා, වේදනාව, හැඬීම වැනි අවස්ථාවලට එක් එක් නාද රටාවන් මේ මඟින් නිකුත් කළ හැකි බවත් ඒ තුළින් වාහනයෙන් පිටත සිටින පිරිස් තමන් කුමන තත්වයක සිටීදැයි දැනගන්නා බවත් ඔවුන් පවසා තිබුණා. නමුත් මෙයද අප්‍රේල් 1වනදා මෝඩයින්ගේ දිනය වෙනුවෙන් ඉදිරිපත් කළ වීඩියෝවක් වුණා.

4.සරාගී කාන්තාවකගේ GIF එක්වූ AXE Sri Lanka ෆේස්බුක් පිටුව


මේ වන විට ෆේස්බුක් ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති GIF පෝස්ට් එකක් AXE Sri Lanka ෆේස්බුක් පිටුවට එක්කර අප්‍රේල් 1වනදා බොහෝ දෙනෙකු නොමඟ යවා තිබෙණු දැකගන්නට හැකිවුණා. එහි දැක්වුණේ කාන්තාවක් විසින් ඇය හැඳගෙන සිටින ඇඳුම ගලවා දමන්නට තැත් කරන සිදුවීමක් නමුත් එය තුළ Click කළ බොහෝ දෙනෙකුට දිස්වූයේ මෙය අප්‍රේල් 1වනදා වෙනුවෙන් ඔවුන්ව නොමඟ යැවීමට සිදුකළ රැවටීමක් බවයි.


5. දුඹුරු පැහැයෙන් මිදී පාටක් නොමැතිව විනිවිද පෙනෙන අයුරින් වෙළඳපළට ආ Marmite


මාමයිට් කියූ පමණින් අපගේ සිහියට එන්නේ දුඹුරු පැහැයෙන් යුතු කහ පාට මූඩියෙන් ආවරණය වූ රවුම් හැඩැති බෝතලයයි. නමුත් Marmite Sri Lanka ෆේස්බුක් පිටුවෙන් අප්‍රේල් 1වනදා කියා සිටියේ ඉදිරියේදී ඔබට විනිවිද භාවයෙන් දිස්වන මෙන්ම දුඹුරු පැහැයෙන් වෙනස් වූ මාමයිට් ආහාරයට ගන්නට අවස්ථාවක් උදාවන බවයි. එලෙසින් වෙළඳපලට එන මාමයිට් පිළිබඳව බොහෝ දෙනෙකු බලාපොරොත්තු තබාගෙන සිටි අතර අතැමුන් ඒවා මිලදී ගත හැක්කේ කුමන වෙළඳසැල් වලින්දැයි ද විමසා සිටියා. නමුත් සැබැවින්ම එලෙස නිෂ්පාදනයක් වෙළඳපලට නිකුත් නොවූ අතර එයද අප්‍රේල් 1වනදා වෙනුවෙන් මාමයිට් සමාගම කළ විහිළුවක් බව පසුව දැනගන්නට ලැබුණා.

6.Huggies වෙතින් එළිදැක්වූ ස්වයං පිරිසිදු කිරීමේ හැකියාව ඇති ඩයපර්

Huggies Sri Lanka ෆේස්බුක් පිටුව තුළින්ද අප්‍රේල් 1වනදා වැඩි වශයෙන් මව්වරුන් නොමඟ යවා තිබුණේ දරුවන්ට අන්දවන ඩයපර් ස්වයං පිරිසිදු කිරීමේ හැකියාවක් සහිතව වෙළඳපලට නිකුත් වන බවට පෝස්ට් එකක් මඟින් දැනුම් දීම තුළින්. ඔවුන් අන්තර්ජාලයට එක්කර තිබු ඡායාරූපයේ දැක්වුණේ කුඩා ළමයෙකු විසින් ඩයපරයක් ඇඳගෙන සිටින අයුරු වන අතර එහි Clean ලෙසින් බොත්තමක්ද දැකගන්නට හැකිවුණා. ඒ අනුව දරුවාට එය අන්දවා තිබියදීම පිරිසිදු කරගත හැකි බවට මව්වරුන් විශ්වාස කළ නමුත් පසුව දැනගන්නට ලැබුනේ එය අප්‍රේල් 1වනදා වෙනුවෙන් කළ විහිළුවක් බවයි.

7.Audi සමාගමෙන් තරුණයින්ට හඳුන්වාදුන් මුහුණු පැහැගැන්වීමේ ආලේපන හා සුවඳ විළවුන්


Audi කියන්නේ ජාත්‍යන්තර වශයෙන් අතිශය ජනප්‍රියත්වට පත්වුණු මෝටර් රථ නිෂ්පාදන සමාගමක්. ඔවුන් මෝටර් රථ නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් තරුණියින් වෙනුවෙන් සම ආරක්ෂා කිරීමේ ක්‍රීම් වර්ග මෙන්ම සුවඳ විළවුන් වෙළඳපලට නිකුත් කරන බව Audi Sri Lanka ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණා.
ලෝකප්‍රසිද්ධ සන්නාමයක් යටතේ සුවඳ විළවුන් හා ක්‍රීම් වර්ග භාවිතයට කැමති බොහෝ දෙනෙකු මෙය විශ්වාස කළ නමුත් Audi Sri Lanka පිටුවෙන් පවසා තිබුණේ එයා අප්‍රේල් 1වනා වෙනුවෙන් කළ විහිළුවක් බවත් Audi සමාගම එලෙසින් ක්‍රීම් වර්ග හෝ සුවඳ විළවුන් නිෂ්පාදනය නොකළ බවයි.

No comments:

Post a Comment