21 July 2017

මහින්ද ලඟ සිටි තිස්ස යළි රක්ෂිත බන්ධනාගාරයට – වංචාවේ සම්පූර්ණ විස්තරය මෙන්න

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල්කොරියක් පවත්වාගෙන ගොස් රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා ඇතුළු සැකරුවන් දෙදෙනා ලබන 01වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය පසුගිය 18 වනදා නියෝග කර තිබේ.

මෙහි අනෙක් සැකකරුවා වනුයෙ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන වර්ණකුලසූරිය ලාල් පියන්ත පීරිස් නැමැත්තා ය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්ව තිබූ කොරතොට පිහිටි මෙම ඉඩමේ අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන ගොස් වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ පරීක්ෂණයකට අදාළව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව තබන ලදී.

මෙහි දෙවන සැකකරු වන ලාල් පීරිස් නැමති හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පසුගිය 18වනදා මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක්ද ලබා දී ඇත.

මගනැගුම සමාගමේ සිදුව අති කෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 2016 වර්ෂයේ ජුනි මස 15වනදා ය.

පෑලියගොඩ මගනැගුම යන්ත්‍රෝපකරණ සමාගමේ අභ්‍යන්තර විගණන කළමනාකාරවරයා විසින් මෙම සිද්ධියට අදාළව පැමිණිල්ල කර තිබී ඇති අතර ඒ අනුව නඩු තුණක් ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව 2011 වසරේදී අංක GP2400 දරන කොන්ක්‍රීට් ජෙවර් රථයක් ඇඩියන් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් මග නැගුම යන්ත්‍රෝපකරණ සමාගමට මිලදී ගැනීමේදී ඇස්තමේන්තු මුදල වූ රුපියල් හත්කෝටි තිස්පන්ලක්ෂ තිස්හයදහස් නවසිය අනූනවයයි ශත පනස් පහක් (රු. 37,536,999.55) ලෙස නම්කර තිබියදී රුපියල් හත්කෝටි තිස්නවලක්ෂ හත්දහස් දෙසිය හතලිස් තුනයි ශත පනස් පහක (රු. 73,907,243.55) මුදලක් ගෙවා ඇති බවත් මෙම රථය සඳහා වැඩිපුර මුදල් රුපියල් තුන්කෝටි හැත්තෑතුන්ලක්ෂ හැත්තෑදහස් දෙසිය හතලිහයි ශත විස්සක් (රු. 37,370,240.20) ගෙවා ඇති බැවින් ඉන් මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ නඩු අංක බී 24102/05 යටතේ ය.

එසේම, 2014 වර්ෂයේ ජූලි මස 04වැනි දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඩේන්ජරස් කාගෝ ඇතිරීමක් සම්බන්ධව රුපියල්  දසලක්ෂ අනූහදහසක (රු. 1,096,000) මුදලක් මග නැගුම මාර්ග ඉදිකිරීම් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට නොගෙවීම සම්බන්ධයෙන් මුදල් අක්‍රමිකතාවක් සිදු කර තිබිණි.

නඩු අංක බී 45002/05 යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කර තිබුණේ 2011 වර්ෂයේ මග නැගුම මර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම විසින් අයථා අන්දමින් ඩොලර් 679,753ක මුදලක් වැයකර කොන්ක්‍රීට් ඇතිරීමක් කළ බවත්, මිලියන 10ක් වැයකර ස්කැවේටර් යන්ත්‍රයක් මිලදිගැනීමක් කර එම යන්ත්‍රය කඩුවෙල, කොරතොට වත්ත ඉඩමේ පිහිටි කළුගල් කැණීම් කටයුතු සඳහා පිටස්තර පුද්ගලයකු වන ලාල් ප්‍රියන්ත පීරිස් යන අයට ලබාදී මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවත් ය.

No comments:

Post a Comment