16 July 2017

වන විනාශයට එරෙහිව විරෝධතාවයක්

මුලතිව්, මුල්ලියාවේලී, කුලාමුරිප්පු ප්‍රදේශයේ සිදුවන මහ පරිමාණ වන විනාශය නතර කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් සහ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.

මුල්ලියාවේලී ප්‍රදේශයේ දී මෙම විරෝධතාව පැවැත්වුණු බව වාර්තාකරු සඳහන් කළේය.

නැවත පදිංචි කිරීමේ මුවාවෙන් කිසියම් පිරිසක් කුලාමුරිප්පු ප්‍රදේශයේ විශාල වන විනාශයක් සිදුකරමින් පවතින බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

විල්පත්තු ප්‍රදේශයේ සිදුවූ වන විනාශයට සමාන වන විනාශයක් මෙම ප්‍රදේශයේ ද සිදුවෙමින් පවතින බව ඔවුන් සඳහන් කරයි.

 පරිසරවේදීන් සහ රජයේ වගකිව යුත්තන් මැදිහත්වි මුල්ලියාවේලි ප‍්‍රදේශයේ සිදුකරන වන විනාශය හා නැවත පදිංචි කිරීම නවතා දමන ලෙසට මුලතිව් ජනතාව ඉල්ලීම් කර තිබේ.

විරෝධතාවය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ති ස්කන්ධරාජා මහත්මිය,උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන්,මුලතිව්,වවුනියාව,කිලිනොච්චිය,යාපනය ප‍්‍රදේශයන්ගේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

No comments:

Post a Comment