01 June 2017

විපතට පත් ජනතාව වෙනුවෙන් ප්‍රධාන පක්ෂවල මැති ඇමති වැටුප දන් දීමේ තීරණයක්



පවතින ආපදා තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් මැති ඇමති, දීමනාව පරිත්‍යාග කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ සන්ධානය නියෝජනය කරන සියලු මැති, ඇමතිවරුන්ගේ ජුනි මස දීමනාව විපතට පත් ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සියලු මැති,ඇමතිවරුන්ගේ දීමනාව දැනටමත් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කියා සිටියේ.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට බැර කෙරෙන අතර එම අරමුදලෙන් විපතට පත් ජනතාව සඳහා මුදල් පරිත්‍යාග ලබාදීමට සිය පක්ෂය සූදානම් බවයි. 

No comments:

Post a Comment