01 June 2017

ශෂී විරවංශගේ නැති වුණු දෙයක් උසාවියෙන් සොයා ගනී


අස්ථානගත වී ඇතැයි කියු ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සහ හැඳුනුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරුගේ භාරයේ පවතින බවට (31) අනාවරණ වී තිබෙනවා.

ඒ ව්‍යාජ ලේඛණ උපයෝගී කර ගනිමින් අවිධිමත්ව සකස් කළ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කිරීමට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදීයි.

මෙහිදී ශෂී වීරවංශ වෙත චෝදනා කියවා දුන් අතර එහිදී ඇය ප්‍රකාශකර ඇත්තේ අදාළ චෝදනාවලට නිවැරදිකාරිය බවයි. මේ හේතුවෙන් නඩුව විභාග කිරීමටයි තීරණය වී ඇත්තේ.

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සහ හැඳුනුම්පත අස්ථානගත වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශකර තිබුනේ ඒ සම්බන්ධයෙන් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගෙන් පමණක් විමසීමෙන් පසුව බවට ද මෙහිදී අනාවරණ වුනා.

ඒ පිලිබඳ අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරුගෙන් විමසා නොමැති බවටයි හෙළිවුයේ.

පසුගිය බ්‍රහස්පතින්දා නඩුව කැඳවු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම්දී තිබුනේ අධිකරණය භාරයට ගත් ශෂී  වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇති බවටයි.

නඩු විභාගය සඳහා අදාළ ගමන් බලපත්‍රය සහ හැඳුනුම්පත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රෙජිස්ට්‍රාර්වරයාගෙන් විමසු අවස්ථාවේදී ප්‍රකාශකර තිබුනේ එය අස්ථානගත වී ඇති බවටයි.

මෙවැනි සිද්ධීන් හේතුවෙන් අධිකරණයේ කීර්ති නාමයට හානිවන අතර ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා අවවාද කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

සිද්ධියට අදාළ නඩුව ලබන 22 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

No comments:

Post a Comment