01 June 2017

විදේශ ඇමැති රවි කරුණානායක අගමැතිගේ දකුණු අතට ලුණු ඇඹුල් ඇතිව දෙයි!

ජායාරූපය: අගමැති වික්‍රමසිංහ, ඇමැති මලික් සමරවික්‍රම සමඟ.

සඳුදා ලංකාදීප පුවත්පත සමඟ කරන ලද සම්මුඛ සාකච්ජාවකදී මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කර විදේශ ඇමැති ධුරයට පත් කළ එජාප පතාකයකු වන රවි කරුණානායක අගමැති වික්‍රමසිංහගේ දකුණූ අත වැනි සංවර්ධන කටයුතු ඇමැති මලික් සමරවික්‍රමට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. මලික් සමරවික්‍රමගේ නම සඳහන් නොකරන නමුත් ඔහු ව්‍යංගයෙන් පහර ගසන්නේ මලික් සමරවික්‍රමට බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

මධ්‍යම බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන්ද මලික් සමරවික්‍රමට චෝදනා එල්ල වී තිබේ. මෙම සාකච්ජාවෙහිදි කරුණානායක එම ප්‍රශ්ණය අගමැතිගේ ප්‍රශ්ණයක් බව නොකියා කියයි.

මලික් සමරවික්‍රම එජාපය විපක්ෂයේ සිටියදී කිසිදු ක්‍රියාකාරිත්වයක් නොපෙන්වූ නමුත් රනිල් වික්‍රමසිංහගේ සමීපතම මිතුරකු ලෙස සැළකේ. මේ අතර මෙම වාර්තාව පළ වු දිනම අගමැති වික්‍රමසිංහ පුද්ගලික් ගමනක් ලෙස දෙසතියක් ඇමෙරිකාවට යන බව ඩේලි මිරර් පුවත්පත් වාර්තා කර තිබේ්‍ග මෙවැනි ගමනක වික්‍රමසිංහ යෙදෙන බව කලින් යොදා ගෙන තිබූ බවට වාර්තා වි ානාතිබුන අතර  ජල ගැල්මක් නිසා රට මහත් විපතකට මුහුන දි සිටින අවස්ථාවක දෙසතියක විවේකයක් සඳහා රට හැර යාම පුදුමය දනවන බව පැවසේ.

එම සම්මුඛ සාකච්ජාවෙන් උපුටා ගත් කොටස් පහත පළවේ. එහි වරහන් තුළ නිල් අකුරින් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා බ්‍රීෆ් සටහන්ය.

ප්‍රශ්නය:- මුදල් ඇමැතිට හිටි හැටියෙම මොකද මේ වුණේ?

පිළිතුර:- ඒක අහන්න ඕන පත් කරන බලධාරින්ගෙන්නේ. (බලධාරියා රනිල් වික්‍රමසිංහය) අපට තියෙන්නේ අපට බාර දෙන වගකීම හරිහැටි ඉටු කිරීමයි. වැටී තිබුණු ආර්ථිකයක් බාර දුන්නා. ඒ වැටී තිබූ ආර්ථිකය නගාසිටුවීමට කටයුතු කළා. ආර්ථිකය හොඳ තත්ත්වයට පත් කළා. සිදුව තිබෙන වෙනස සමස්ත රටේ අයත් ජාත්‍යන්තර ලෝකයේ අයත් පිළිගනීවි. කොහොම වුවත් ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන පත් කරන බලධාරීන් මිස මම නෙමෙයි.

ප්‍රශ්නය:- ඔච්චර වැඩක් කරපු මුදල් ඇමැතිව අයින් කරන්න ඕන වුනේ කාටද?

පිළිතුර:- ඕනම පක්ෂයක ඊර්ෂයාවෙන් පෙළෙන පුද්ගලයන් ඉන්නවා. මගේ පක්ෂයේ නායකයා අපව ආරක්ෂා කරන්න සෑම වෙලාවකම කටයුතු කළා. දුෂ්ඨයන්ගෙන් මාව ආරක්ෂා කරන්න මේ අවස්ථාවෙත් එතුමා පුදුම සටනක් දුන්නා. පක්ෂයක් විනාශ කරන්න එක්කෙනෙක් දෙන්නෙක් ඇති. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ තිබෙන ඊර්ෂ්‍යාවට රටට අහිතකර දේවල් නොවිය යුතුයි.

ප්‍රශ්නය:- ඔබ කියන විධිය අනුව හැඟෙන්නේ මොකක් හෝ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ගැනයි. ඔය කුමන්ත්‍රණය තිබුණේ කොහේ ද?

පිළිතුර:- අපි දූෂණය අඩු කළේ නැහැ. නැති කළා. අපි එහෙම කළාම හැම එකටම ඇඟිලි ගහන ඇමැතිවරයෙකුට රිදෙන්න ඇති. ඒ රිදීමට පලිගන්න හිතන්න ඇති. අපට අමාරු අභියෝගයක් තිබ්බා.

ප්‍රශ්නය:- ඔබ ඔය ඇඟිල්ල දිගු කරන්නේ ඔබේ පක්ෂයේම කෙනෙකුට ද? නැති නම් ආණ්ඩුවේ අනෙක් කොටස්කාර පක්ෂයේ අයකුට ද?

පිළිතුර:- මගේ පක්ෂයේ එක් පුද්ගලයකුට. ජාතික ලැයිස්තුවෙන් ආපු මේ පුද්ගලයාට (මලික් සමරවික්‍රම ආවේ ජාතික ලැයිස්තුවෙනි) ජනතාව ගැන රට ගැන හැඟීමක් නෑ. මේ පුද්ගලයා ජනතාවගේ දුක දන්නේ නෑ. වැඩිකල් යන්න කලින් මේ අයගේ සැබෑ තත්ත්වය රටට හෙළිදරව් කරනවා. අපෙත් ඉවසීමේ සීමාවක් තිබෙනවා. ඒත් මගේ පක්ෂයට රටට ඊට වඩා ආදරයක් මට තිබෙනවා. ඒ නිසා පටු දේශපාලන රාමුවක වැඩ කරන්න මම අකැමැතියි. එහෙත් රට සහ ජාතිය වෙනුවෙන් සැබෑ තත්ත්වය පෙන්නන්න ඕන. ජාතික ලැයිස්තුවෙන් ඇවිත් වෙස්මුහුණු දාගෙන නටන මේ ඇමැතිවරයා පෙනීඉන්නේ අගමැති ආරක්ෂා කරන ස්වරූපයෙන්. හැබැයි වෙන්නේ තිබෙන විශ්වාසයත් නැත්තටම නැති වීමයි. ජනතාවගේ ඡන්දයෙන් ගන්න බැරි මේ වගේ පුද්ගලයන් රට ඉදිරියට ගෙනයාමේදී ප්‍රශ්නයක් වෙනවා. මම දේශපාලනයෙන් ජීවත් වෙන්නේ නැහැ. සාක්ෂි තියාගෙනයි මම කතා කරන්නේ. මේ වගේ අය කවුද කියා හෙළිවුණාම ජනතාව ඇත්ත වටහා ගනීවි.

ප්‍රශ්නය:- මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව වුණේ ඔබේ කාලයේ. ඔබේ නමත් තැන තැන කියවෙනවා. පිරිසිදුව කටයුතු කළා කියන්නේ කොහොමද?
පිළිතුර:- මේක මගේ විෂය පථයේ තිබ්බ එකක්ද? (මධ්‍යම බැංකුව රනිල් වික්‍රමසිංහ තමා අත තබා ගත්තේ සියළු සම්ප්‍රධායයන් බිඳ එය මුදල් අමාතයාංශයෙන් ඉවත් කරමිනි)  එහෙම නැති එකක් මගේ පිට පටවන්නේ ඇයි? අනෙක් අයගේ පව් කරගහන්න වුණාට කමක් නැහැ. මට හානි වුණාට මගේ අගමැති ආරක්ෂා කිරීම මගේ වගකීමක්. කොමිසම ඉදිරියේ ඇත්ත සියල්ල හෙළිවෙනවා. වෙස් මූණු බැඳගෙන සිටි අය කවුද කියා හෙළිවෙනවා. ඔය අය තමයි නිවාඞ් කබ්රාල්ලා එක්ක දැඟලුවේ. වැරැද්ද වුණු බව මේ අය කොමිසම ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා. ආණ්ඩුව පත් වුණාට රජයේ නිලධාරින් වෙනස් වුණේ නැහැ. අද ඉන්න මහ බැංකු අධිපති එදා සිටියේ රාජපක්ෂ කණ්ඩායමේ. මේ අය වැඩ කළේ මෛත්‍රි ජනපති පරාජය කරන්න. එහෙම අය අදත් මහ බැංකුවේ ඉන්නවා. අපි එළියට යනවා. මේවා රටේ වෙන පුදුම වැඩ.

ප්‍රශ්නය:- ඇමැති සංශෝධනයත් එක්ක ආණ්ඩුවත් අර්බුදයට යයිද?
 
පිළිතුර:- ඒ මොකටද? මම, මංගල ඇතුළු සියලු දෙනා පක්ෂයත් ආණ්ඩුවත් රකින්න වැඩ කරනවා. ඒ විතරක් නෙමෙයි ඉදිරි මැතිවරණ දිනන වැඩ පිළිවෙළකුත් හදනවා.

No comments:

Post a Comment