01 June 2017

කාලගුණ විපර්යාස බලපෑමට එරෙහිව එක්වෙමු - ගුටාරෙස්

 කාලගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන බලපෑමට එරෙහිව සටන්කිරීම සඳහා ලෝකය එක්සත්ව කටයුතු කිරීම අතිශයින්ම අත්‍යවශ්‍ය කටයුත්තක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරෙස් පවසයි.

නිව්යෝක් නුවරදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා සිටියේ 2015 පැරිස් දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියෙහි අවශ්‍යතාව සම්බන්ධයෙන් කිසියම්ම හෝ රාජ්‍යයක් කුකුසකින් කටයුතු කරන්නේ නම්, සෙසු රාජ්‍යයන් විසින් මෙහි අවසන් ඉලක්කය දක්වා එක්සත්ව කටයුතු කිරීමට අධිඨන් කරගැනීමට කාලය පැමිණ ඇති බවයි.

මේ සම්බන්ධ කතාබහ යළි ඇති වූ‍යේ, G7 කණ්ඩායමේ ධනවත් රාජ්‍යයන් විසින් මෙම සම්මුතියට එකඟත්වය දක්වන බවට යළි ප්‍රතිඥා දෙනවිට, ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඊට ප්‍රතිඥා නොදෙන වටපිටාවකය.

එහිදී, මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ස්ථාවරය ඉක්මණින් ලැබෙන තුරු හෙතෙම ගුටාරෙස් බලා සිටියි.

කෙසේ වෙතත්, මීට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ ගෝලීය උෂ්ණත්වය චීනය විසින් නිර්මාණය කළ සම්පූර්ණ රැවටීමක් පමණක් බවයි. එමෙන්ම, පැරිස් සම්මුතියෙන් ඉවත්වන බවටද ඇමෙරිකානු ජනාධිපතිවරයා බලපෑම් කර තිබුණි.

එනමුදු, මීට මාස පහකට පෙර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස තේරීපත් වීමෙන් පසුව ගුටේරෙස් විසින් කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් සිය ප්‍රථම හා ප්‍රබලතම ප්‍රකාශය සිදුකරමින් පැරිස් සම්මුතිය වෙනුවෙන් ලෝකයේ බලවත් රාජ්‍යයන් ඇතුළු සියලු රාජ්‍යයන් එක්රාශී කරමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment