01 June 2017

ක්‍රිකට් මහ ගෙදර අදින් ඇරඹෙන ශූරයන්ගේ කුසලානයේ ඔබ නොදත් ඉතිහාසය මෙන්න | PHOTOS



ICC ශුරයන්ගේ කුසලානය එක්දින තරඟාවලියකදී දෙවැනි වන්නේ ලෝක කුසලනයකට පමණයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කෙරෙන්නේ 8 වන වරටයි.

1998 දී ප්‍රථම වරට ඇරඹෙන මෙම තරඟාවලිය හඳුන්වන්නේ (knockout trophy) පිලුමලුන් පිටු දැකීමේ තරඟාවලියක් ලෙසයි. 2002දී එය ශූරයන්ගේ කුසලානය ලෙස නම් කරා.

බංගලාදේශය, කෙන්යාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව තරඟාවලි සත්කාරකත්වය එක්වරක් ලබා ඇති අතර දෙවරක්ම මෙම තරඟාවලියේ සත්කාරක තත්වය දරා ඇත්තේ එංගලන්තයයි.

එක්දින තරඟාවලිය ලෙස පැවැත්වෙන ශූරයන්ගේ කුසලානය සඳහා රටවල් 13කින් මෙවර රටවල් 7ක් පමණක් සුදුසුකම් ලබා තිබෙනවා.

කාණ්ඩ 2කින් පැවැත්වෙන තරඟාවලියේ වසර දෙකෙන් දෙකට පැවැත්වනු ලැබූ තරඟාවලිය 2009 වසරේ සිට වසර හතරෙන් හතර පැවැත්වීමට තීරණය කරනවා.

අපි දැන් අවධානය යොමු කරන්නේ ශූරයන්ගේ කුසලානයේ ඉතිහාසය පිළිබඳවයි.

1998 දී වර්ෂයේදී බංගලාදේශයේදී පැවැත්වෙන පළමු තරඟාවලියේ ජයග්‍රාහකයා වන්නේ දකුණු අප්‍රිකාවයි. ඒ බටහිර කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

2000 වසරේදී කෙන්යාව සත්කාරකත්වය දරණ ලබන අතර අවසන් තරඟය නවසීලන්තය හා ඉන්දීයාව අතර පැවැත්වෙනවා. ඉන් නවසීලන්තය ජය ගැනීමට සමත් වනවා.

ශ්‍රී ලංකාව 2002 වසරේදී සත්කාරකත්වය හොඹවන අතර අවසන් තරඟයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව හා ඉන්දීයාවයි. එම වසරේදී කණ්ඩායම් දෙකට සම ශූරත්වය හිමි වනවා.

2004 වසරේ දී එංගලන්තයේ පැවැත්වෙන තරඟාවලියේ ජයග්‍රාහකයා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කරමින්.

2006 වසරේ සත්කාරකත්වය ඉන්දීයාව දරණ අතර එම වසරේ ශූරතාව හිමි වන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමටයි.
එහිදී ඔවුන් අතින් පරාජය වන්නේ 2004 වසරේ ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

2009 වසරේ දකුණු අප්‍රිකාව සත්කාරකත්වය හිමි වන අතර එම වසරේ ද ශූරතාව දිනා ගත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. එම වසරේ අනුශූරයන් වූයේ නවසිලන්ත කණ්ඩායමයි.

2013 වසරේ දී එංගලන්තය හා වේල්සය එක්ව ශූරයන්ගේ කුසලානයට සත්කාරකත්වය දරණ එම වසරේ ශූරයන් බවට පත්වීමට ඉන්දීයාව සමත් වනවා. එම වසරේ ඔවුන් අතින් පරාජයට පත්වන්නේ සත්කාරකත්වය දරණ ලබන එංගලන්ත කණ්ඩායමයි.

තුන්වන වරටත් මෙවර සත්කාරකත්වය දරණ ලබන එංගලන්තය මේ වන විට තරඟාවලියට සියල්ල සුදානම් කර තිබෙනවා.

ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය ආසන 23500ක් ද, බර්මින්හැම් හී එම්බැස්ට්මන් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකාගාර ආසන 15300කැ ආසන පහසුකම් තිබෙනවා.

කාර්ඩිෆ් හී සොෆියා ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකාගාරය  15643 ආසන පහසුකම් ලෙස මෙවර තරඟ සඳහා වෙන් කර තිබෙනවා.

සත්කාරක එංගලන්ත කණ්ඩායම මෙවරත් A කාණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර 2004 වසරේ හා 2009 වසරේ අනුශූරයන් වීමෙන් පමණක් සැහිමකට පත්වුණු එංගලන්ත කණ්ඩායම මෙවර මෙහෙයවනු ලබන්නේ ඉයන් මෝර්ගන් විසින්.
තරඟාවලියේ A කාණ්ඩයෙන් තරඟවදින ඕස්ට්‍රේලියා කණ්ඩායම 2006 හා 2009 වසරේ දී ශුරයන් වීමට සමත් වන අතර මෙවර ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ස්ටීව් ස්මිත්.

එම කාණ්ඩයෙන් තරඟවදින තවත් කණ්ඩායමක් වන්නේ බංගලාදේශ කණ්ඩායමයි. කෙසේ වෙතත් ඔවුන් ශූරයන්ගේ කුසලානයේ කාණ්ඩ මට්ටමින් ඔබ්බට යාමට හැකිවී නැහැ. මෂ්රෆි මොටාසා බංගලාදේශ කණ්ඩායමට මෙවර නායකත්වය දරනු ලබනවා.

A කාණ්ඩයේ අවසන් රට ලෙස මෙවර ශූරයන්ගේ කුසලානයට තරඟවදින නවසිලන්ත කණ්ඩායම 2000 වසරේ පැවති තරඟාවලිය හා 2009 දී අනුශූරයන් වීමට සමත් වනවා. කෙන් විලියම්සන් මෙවර නවසිලන්ත කණ්ඩායමට නායකත්වය හොඹ වනවා.

B කාණ්ඩයෙන් මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දීයාව, පකිස්ථානය හා දකුණු අප්‍රිකාව තරඟවදිනවා.

පකිස්ථානය මෙතෙක් අවසන් තරඟයක් සඳහා සුදුසුකම් ලබා නොමැති අතර සෆ්රාස් අහමඩ් මෙවර පකිස්ථානයේ නායකත්වය දරනු ලබනවා.

දකුණු අප්‍රිකාවද මෙතෙක් අවසන් තරඟයක් සඳහා සුදුසුකම් ලබා නොමැති අතර මෙවර එම කණ්ඩායමේ නායකත්වය පැෆ් ඩුප් ලෙසිට හිමිව තිබෙනවා.

ඉන්දීයාව මෙවර මෙහෙයවනු ලබන්නේ විරාත් කෝලි වන අතර ඔවුන් 2013 වසරේ ශූරයන් බවට පත්වන අතර 2002 වසරේදී ශ්‍රී ලංකාව සමඟ සම ශූරයන් බවට පත්වනවා.

ශ්‍රී ලංකාවත් B කාණ්ඩයෙන් තරඟවදින අතර මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්. ශ්‍රී ලංකාව මිට පෙර 2002 වසරේදී ඉන්දීයාව සමඟ සම ශූරතාව හිමිකම් කීමට සමත් වනවා.








No comments:

Post a Comment