01 May 2017

අද ජාත්‍යන්තර කම්කරු දිනය යි



ලෝක කම්කරු දිනය වශයෙන් මැයි පළමු වන දින නම් කර ඇත. 2017 මැයි දින සමරුවට වසර 131ක් සැපිරෙන අතර ශ්‍රී ලංකාවේ මැයි දින සැමරුම ආරම්භ කර වසර 87ක් සැපිරේ. ලොව බොහෝ රටවල මැයි දිනය නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත්තේ කම්කරු අයිතිවාසිකම් වලට ගරු කිරීමක් වශයෙනි.

1890 දී ඇමරිකාවේ, චිලි රටේ හා කියුබාවේත් අතිවිශාල කම්කරු පිරිසකගේ සහභාගීත්වයෙන් පළමුවරට ලෝකයේ මැයි දිනය සමරනු ලැබීය.  1889 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ රැස්වීමේ දී පැය අටක සේවා මුරය සඳහා අරගල කරමින් සිටිය ද පොලිස් වෙඩි පහරින් මියගිය කම්කරුවන් සිහි කිරීම පිණිස සෑම වසරකම මැයි 01 වෙනිදා ලෝක කම්කරු දිනය වශයෙන් සැමරිය යුතු යැයි තීරණය කරන ලදී.

1986 මැයි 01 වෙනිදා චිකාගෝ නුවර “ හේ මාර්කට්“ ප්‍රදේශයට රැස් වූ විශාල කම්කරුවෝ පිරිසක් පැය 8 වැඩ මුරය නීතිගත කරන තුරු සටන් කරන්නට තීරණය කරමින් ආරම්භ කළ උද්ඝෝෂණයේ නිරත වීම මෙයට හේතු පාදක විය. විශේෂයෙන්ම එදා රැස් වූ පිරිස අමතමින් සැමුවෙල් ෆිල්ඩන් නම් කම්කරු නායකයා වේගවත් කතාවක් සිදුකරමින් මැයි 01 වෙනිදා ඓතිහාසික දිනයක් යැයි ද ප්‍රකාශ කර ඇත.

මෙලෙස උපන් මැයි දිනය අද ජාති ආගම් කුලමල භේද රහිතව ලොව පුරා කම්කරුවන් විසින් සමරනු ලැබේ. පළමුව කියුබාව, මහජන චීනය, උතුරු කොරියාව ඇතුළු කොමියුනිස්ට්වාදී රටවල් මැයි දිනය සැමරීමට උර දුන්නේය.

ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම මැයි දිනය සැමරුවේ 1933 දී කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එය පක්ෂ පාට වලින් තොර ස්වාධීන කම්කරු උත්සවයක් විය.

ශ්‍රී ලංකාවේ මැයි දින පෙළපාළි දේශපාලන පක්ෂවල මෙහෙයවීමෙන් ආරම්භ වූයේ 1935 දී ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයේ මෙහෙයවීමෙනි.

No comments:

Post a Comment