01 May 2017

දින 100 සම්පූර්ණ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යයට අවලාද නගයි



තමාගේ ජනපති පාලනයේ සියවන දිනය සමරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත (29) ප්‍රබල ප්‍රහාරයක් එල්ල කොට තිබේ. ජනාධිපති ධුරයේ සියවන දිනය නිමිත්තෙන් පෙන්සිල්වේනියා හි පැවති ජනරැළියකට සහභාගි වූ ඔහු තමා දැඩි ලෙස විවේචනය කරන වාර්තා, සංවේදීතාවයෙන් තොර මාධ්‍යවේදීන් පළකරන ව්‍යාජ පුවත් ලෙස හඳුන්වා තිබේ.

තමා ලබාදුන් සෑම පොරොන්දුවක්ම අත්හැර නොමැති බවද ට්‍රම්ප් පවසා තිබේ. ධවල මන්දිරය මාධ්‍යවේදීන් වෙනුවෙන් පවත්වන වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති ට්‍රම්ප්  සහභාගි නොවූ අතර, 1981 වසරේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගෙන් පසු එය වර්ජනය කළ ප්‍රථම ඇමරිකානු ජනපතිවරයා ඔහුයි.

මේ අතර ධවල මන්දිරයේ වාර්තාකරුවන්ගෙන් තුනෙන් දෙකක්ම ප්‍රකාශ කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම මාධ්‍ය විරෝධී ජනාධිපතිවරයා බවයි. මාධ්‍ය සමග සංවාදයකට එළඹීම වත්මන් ඇමරිකානු පරිපාලනය ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපති ට්‍රම්ප්ගේ දින 100 ට සමගාමීව ධවල මන්දිර මාධ්‍යවේදීන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම මාධ්‍ය විරෝධී ජනාධිපතිවරයා ලෙස ඔවුන් අතුරෙන් 68% ක්ම  ප්‍රකාශ කර තිබෙන බවද සදහන් වේ.

No comments:

Post a Comment