25 April 2017

ප්‍රධාන පක්ෂ දෙකකට එරෙහිව මානව හිමිකම් කොමිසමට



 ප්‍රධාන පක්ෂ දෙක ලෝක කම්කරු දිනය තම තමන්ගේ දේශපාලන හයිය පෙන්වීමට යොදාගන්නා බැවින් මෙම ක්‍රියාව නවතා දමන ලෙසට ඉල්ලා අද (25දා) ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පක්ෂ දෙකම නිදහසින් පසු මාරුවෙන් මාරුවට රට පාලනය කර තිබෙන බවත්, එම කාලය තුළදී පක්ෂ දෙකම කම්කරු අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් අහිමිකර තිබෙන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.

එසේ කටයුතු කළ පක්ෂ දෙක තම තමන්ගේ බලය පෙන්වීමට මැයි දිනය යොදාගැනීමට සැලසුම් කර තිබෙන බවත්, මෙය කම්කරුවන්ගේ මානව හිමිකම් කඩවීමක් බවද හෙතෙම පවසා සිටියේය.

මේ හේතුවෙන් මෙම ක්‍රියාව නවතා දමා වැඩකරන ජනතාවට මැයි දිනය සැමරීමට අවශ්‍ය කටයුතු කරදෙන මෙන් මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවද පැමිණිල්ල බාරදීමෙන් පසු මාධ්‍ය අමතා ඒ මහතා සඳහන් කළේය. 

No comments:

Post a Comment