25 April 2017

අයි.සී.සී ශුරයින්ගේ කුසලාන තරඟයේ නායකත්වය මැතිව්ස්ට හිමිවෙයි

අයි.සී.සී ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදි තවත් සුළු වේලාවකින් ආරම්භවේ.

(23) රැස්වූ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සංචිතය නම් කිරීම සිදු කෙරුණි.

ඒ අනුව එම තරඟාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර උප නායකත්වය උපුල් තරංගට හිමිව ඇති බව වාරතා වේ.

ශ්‍රී ලංකා සංචිතය සඳහා මැයි මාසයේදී විශේෂ පුහුණූ සැසිවාර කිහිපයක් සංවිධානය කර තිබේ.

මැයි 09 වනදා සිට මහනුවරදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් දින 06ක විශේෂ මානසික පුහුණු වැඩසටහනක් සැළසුම් කර තිබේ.

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 18 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර තරඟාවලියට පෙර පුහුණූ තරඟ 04කට මුහුණදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය ජුනි මස 03 වනදා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වේ.

No comments:

Post a Comment