25 April 2017

ඇමතිවරුන්ගේ රතු එළියට ආණ්ඩුවෙන් රතු එළියක්



මාර්ගවල ප්‍රමුඛතාව ලබා ගැනීම සඳහා දේශපාලඥයින්ගේ හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ මෝටර් රථවල වහලයෙහි සවිකර ඇති රතු ලාම්පු (red beacons) මැයි 01 දින සිට තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි පවසන්නේ මින් ඉදිරියට කිසිදු මෝටර් රථයකට red beacons ලාම්පු සවිකිරීම තහනම් වන බවයි.

නව නීති යටතේ ගිලන් රථ, ගිනි නිවීමේ රථ හා පොලිස් රථවලට නිල් පැහැති ලාම්පු (flashing blue lights) භාවිත කළ හැකි අතර red beacons ලාම්පු තහනම් වේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට සිය ප්‍රසාදය පළකර ඇති බවත් මහා මාර්ගයේ දී සාමාන්‍ය ජනතාව සහ VIP පුද්ගලයින් අතර පරතරය නැති කිරීමට මෙය දිගු කලකට පෙර ගත යුතුව තිබූ පියවරක් ලෙසත් ඔවුන් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.


No comments:

Post a Comment