25 April 2017

උතුරු කොරියාවට උත්තර දෙන්න අමෙරිකාවෙන් යුද නැවක්

ප‍්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි අමෙරිකානු නාවික හමුදාවට අයත් කාල් වින්සන් යුද නෞකාව ඉදිරි දින කිහිපය තුළ ජපාන මුහුදට පැමිණෙන බව අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ සිය  ඕස්ටේ‍්‍රලියානු සංචාරය අතරවාරයේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම්වලට ප‍්‍රතිචාරයක් ලෙස කාල් වින්සන් නෞකාව කොරියානු අර්ධද්වීපය සමීපයට යැවීමට අමෙරිකාව මීට පෙර තීරණය කර තිබුණා.

අමෙරිකන් නැව එක පහරින් වනසනවා 

උතුරු කොරියාව ‘නෝඩෝන්ග් ෂින්මුන්’ පුවත්පත ඔස්සේ අනතුරු හඟවා ඇත්තේ USS කාල් වින්සන් නෞකාව “එක් ප්‍රහාරයකින්” මුහුදුබත් කළ හැකි බවය. කාල් වින්සන් නෞකාව මේ වනවිට කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවකි.

වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපයට නුදුරු මුහුදු කලාපය වෙත මේ සතියේ ළඟා වනු ඇති බව අපේක්ෂාව වනවා. ප්යොංයැං මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව සතු “මූලෝපායික ඉවසීම” අවසානයක් කරා පැමිණ ඇති බවට සිදු කළ අනතුරු හැඟවීම් මධ්‍යයේ එම කලාපයට USS කාල් වින්සන් නෞකාව යෙදෙවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා.

උතුරු කොරියාව විසින් මෑතක සිදු කළ අසාර්ථක මිසයිල අත්හදා බැලීම සහ නවතම ප්‍රහාරක අවි ප්‍රදර්ශනය කරමින් ප්යොංයැං නුවර පැවති හමුදා සංදර්ශනයත් සමග එම කලාපයේ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතිනවා.

 

No comments:

Post a Comment