02 April 2017

පාතාලේ කෙරුම්කාරයෝ අලුත් පක්ෂයෙන් කරලියට. කුඩු ලාල් සහ පොට්ට නවුෆර් ඒ අතරට



දිවංගත පිලිප් ගුණවර්ධන 45 වැනි ගුණ සමරුව පසුගිය සතියේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා එනතුරු මහින්දානන්ද අලුත්ගමගේ, වීරකුමාර දිසානායක, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරු කතාබහක නිරතවී තිබෙනවා.

“අන්න කැලණියේ මර්වින් සිල්වා අලුත් පක්‌ෂයක්‌ හදන්න යනවලු. ඔයාලට තමයි යන එන මං නැති වෙන්නේ” ජයන්ත සමරවීර කියා ඇත්තේ සිසිර ජයකොඩිටයි.

“ඒක නම් ඇත්ත. ඒ පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයට තමයි අපි බය” සිසිර කියා සිටියා.

” ඒ ඇයි?” දැයි ජයන්ත ඇසූ පැනයට “ඒකෙනේ ඔක්‌කොම කෙරුම්කාරයෝ ටික ඉන්නේ” යැයි සිසිර පැවසුවා.

“කවුද අප්පේ ඒ?” ජයන්තගෙන් යළිත් ප්‍ර‍ශ්නයකි. “ඇයි පාතාලේ කෙරුම්කාරයෝ? කුඩු ලාල්, පොට්‌ට නවුපර්ලා සේරම ඉන්නේ එයාගේ පක්‌ෂෙනෙ. ඒකයි බය. සිසිර කීවේ සිනාසෙමිනි.

No comments:

Post a Comment