23 March 2017

රජිනි කාන්ත් යාපනයේ සංචාරයකට එයි



දමිළ සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

උතුරේ දමිළ ජනතාව වෙනුවෙන් ඉදිකෙරුණු නිවාස 150ක් දමිළ ජනතාව වෙනුවෙන් ලබාදීම සඳහා ඔහු මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

අප්‍රේල් මස 9 වැනිදා යාපනයේදීත්, 10 වැනිදා වවුනියාවේදීත් පැවැත්වෙන උත්සව දෙකකදී මෙසේ නිවාස බාරදීමට නියමිතය.

එසේම යාපනයේ පැවැත්වෙන් රැළියකදී දමිළ ජනතාව ඇමතීමටත් රජිනිකාන්ත් සූදානමින් සිටියි. ඉන්දියාවේ ලයිකා චිත්‍රපට සමාගම විසින් පවත්වාගෙන යන ඥානම් පදනම විසින් මෙම නිවාස 150 ශ්‍රී ලංකාවේ ඉදිකර තිබේ.

ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 22ක පිරිවැයක් ඔවුන් දරා තිබේ. ඉන්දීය දමිළ සිනමාවේ සුපිරි නළුවෙකු වූ එම්.ජී.ආර්. ගෙන් පසුව යාපනයේ සංචාරයකට එක්වෙන පළමු සුපිරි නළුවා වන්නේද රජිනි කාන්ත්ය.

No comments:

Post a Comment