05 May 2017

තාජුඩීන් ඝාතනය ගැන මහින්දගේ ආරක්ෂාවට සිටි හමුදවේ 10කගෙන් ප්‍රශ්න කරයි



තාජුඩීන් ඝාතනයට ලක්වූ දින සහ ඊට ආසන්න දින 14ක කාලය තුළ ජනාධිපති ආරක්ෂක ඒකකය බවත්වාගෙන ගිය සටහන් පොත්වල පිටු ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන්ගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා අනු කණ්ඩයේ ප්‍රධානියාගෙන් සහ තවත් 09 දෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ එම ඝාතනය සම්බන්ධ නඩුව අද (05) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොක්සි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාද එම අවස්ථාවට රැගෙන විත් සිටි අතර ඔහු මේ මස 18වදා තෙක් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

No comments:

Post a Comment