05 May 2017

ප්‍රංශ ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා අතර පැවති රූපවාහිනී විවාදය උණුසුම් වෙයි



ප්‍රංශ ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා අතර පැවති රූපවාහිනී විවාදය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වනවා.

පැය දෙකකට අධික කාලයක් පැවති  මෙම විවාදයේදී ඔවුන් එකිනෙකාට අපහාස කරගනිමින් කථා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. එහිදී මධ්‍යස්ථ මතවාදී අපේක්ෂක එමානුවෙල් මැක්රොන් සිය ප්‍රතිවාදියා වන අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලූ පෙන් බොරුකාරියක් යැයි පවසමින් විවේචනය කර තිබෙනවා. ඇය ඊට ප්‍රතිචාර දක්වමින් කියාසිටියේ මැක්රොන් නිර්ලජ්ජිත පුද්ගලයකු බවයි. මැක්රොන්ගේ ඡන්ද  ප්‍රමාණය අඩු වුවද ඔහු තවමත් ඉදිරියෙන් සිටින බවයි වාර්තාවන්නේ. එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් ඡන්ද විමසීමෙන් සියයට දහඅටකට වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ප්‍රංශ ඉතිහාසය තුල  ප්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ වල අපේකෂකයන්ගෙන්  තොරව ජනාධිපතිවරණයක් පැවැත්වෙන  ප්‍රථම අවස්ථාව මෙයයි.

No comments:

Post a Comment