12 July 2017

නිරුවත්වූ ක්‍රිකට් ලොක්කෝ කම්කරුවන්ගේ කලිසම් ගලවයි

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිම්බාබ්වේ සමග පැවැති තරග කාලසීමාවේදී ක්‍රීඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කළ කම්කරුවන්ගේ වැටුප් ලබාදීමට පෙර ඔවුන් ඇද සිටි ක්‍රිකට් ආයතනය මගින් ලබාදුන් කලිසම් ගලවා ගැනීමට ක්‍රීඩාංගනයේ නිලධාරීන් කටයුතු කර තිඛෙනවා.

කම්කරුවන් 100ක් පමණ මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
දෛනිකව රුපියල් 1000 ක දීමනාවක් ලබාදීමේ එකගතාවය සහිතව මෙම පිරිස් සේවයේ යොදවා තිබූ අතර පෙර දැනුම්දීමකින් තොරව මුදල් ලබාදීම සදහා තමන් ලබාදුන් කලිසම් ගලවා යළි ලබා දෙන ලෙසයි ඔවුන්ට දන්වා තිබුණේ.

ඒ අනුව ඇද සිටි කලිසම ගලවා දීමෙන් පසු ඔවුනට ඇඳගෙන යාමට යට කලිසම හැරුණුකොට වෙනත් කලිසමක්ද නොතිබීම හේතුවෙන් කම්කරුවන් දැඩිව අසරණවී තිබුනා.

මේ වන විට දිගින් දිගටම අසාර්ථකභාවය මනාව ප්‍රදර්ශනය කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ මෙම පහත් හැසිරීම මේ වන විට සමාජය තුලද දැඩි විවේදනයට ලක්ව තිඛෙනවා.

මේ වන විට රට හමුවේ නිරුවත්ව සිටින ක්‍රිකට් බලධාරීන් කම්කරුවන්ගේ රෙදි ගලවා ගැනීමට තරම් නින්දිත වී ඇති බවටයි එම චෝදනා එල්ලවන්නේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දේශපාලනීකරණය කිරීම හේතුවෙන් මේ වන විට නැත්තටම නැතිකර දමා ඇති අවස්ථාවක මෙවන් ක්‍රිකට් බලධාරීන් තවදසුරටත් මෙසේ හැසිරීම හෙළා දකින බව ක්‍රීඩා ලෝලීන්ද සදහන් කරනවා.

මේ තමන් මුහුණ දුන් තත්ත්වය පිළිබද අදහස් දැක්වූ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිම්බාබ්වේ සමග පැවැති තරග කාලසීමාවේදී ක්‍රීඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කළ පුද්ගලයෙක්.

අපි දෛනිකව රුපියල් 1000ක දීමනාවකට තමයි මෙහි සේවයට ගත්තේග මං අදට දින 06ක් මෙහි වැඩ කළා.අද වැටුප් ලබාගන්න ගියාම කියනවා ඇඳගෙන ඉන්න කලිසම ගලවා දෙන්න වැටුප් ගන්න නම් කියලා.අඩුම තරමේ මේ අයට අපිට ඒ පිළිබඳව වේලාසනින් දැනුම් දෙන්න තිබුණා. එහෙම වුණානම් අපි වෙන කලිසමක්වත් අරගෙන එනවා. කලිසම දෙන්නේ නැතිනම් වැටුප් නොදෙන නිසා ඇඳ සිටි කලිසම් ගලවා දීලා යට ඇඳුම පිටින් ගිහින් වැටුප් අරගෙන ආවා.දැන් ඉතින් ගෙදර යන්න විදියක් නෑ.

No comments:

Post a Comment