12 July 2017

හුදෙකලා කළ රටවලින් වන්දි ඉල්ලනවා

ආර්ථික වශයෙන් තමන් හුදෙකලා කළ සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග රටවලින් වන්දි ඉල්ලීමට කටයුතු කරන බව කටාර් බලධාරීහු කියති.

තමන්ට සම්බාධක පැනැවීම හරහා, මානව හිමිකම් උල්ලංගනය වීමක් සිදුවුණු බව ද කටාර් රජය වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත නීතීඥවරුන්ගේ ද සහාය ලබා ගෙන සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නඩු පැවැරීමට පියවර ගන්නා බව ද කටාර් රාජ්‍යය නැඩි දුරටත් පවසා ඇත.

(රොයිටර්)

No comments:

Post a Comment