13 July 2017

ඒකාබද්දෙට ඇමතිලා ගන්න බැසිල් සල්ලි බෙදන හැටි මෙන්න

පසුගිය සති කිහිපයේදී දේශපාලන භුමියේ අසන්නට ලැබුණු විශේෂ දෙයක් වුයේ ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන් කිහිප දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට සිටින බවය.මෙම ඇමතිවරුන් ඉකුත් සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයන් කිහිපදෙනෙකුද හමුවී සකාච්ජා පවත්වා ඇත.

තවද හිටපු ඇමතිවරයෙකු වු බැසිල් රාජපක්ෂ මහතාව පසුගිය ඉරුදිනයේදි (2017/07/02)මීගමුවේ ප්‍රසිද්ධ හෝටලයකදි යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුව හමුවි ඇත.මේ අවස්ථාව සදහා තවත් ව්‍යාපාරිකයෙකුද සිට ඇතැයි වාර්ථා විය.

මෙලෙස ඇමතිධුර හැර දමා විපක්ෂය සමග එක්වීමට හදන්නේ කුමක් සදහාද?සාමාන්‍යයෙන් ප්‍රධාන පෙලේ ජන්ද විමසීමකදී මෙලෙස මාරුවීම් දැකගත හැක.නමුත් ජනතාවට වැඩක් කිරීමට අවශ්‍යයනම් සිටිය යුත්තේ පවතින රජය සමගය.

මේ පිලිබදව සොයා බැලීමේදී අපට මෙහි සත්‍යය කුමක්දැයි දැනගන්නට හැකිවිය.ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කල මැයි රැලිය පිලිබදව හැරී බැලීමේදී එතරම් ජනතාවක් ස්වෙච්ජාවෙන් එම ස්ථානයට පැමිණෙන්නේ නැති බව ඔබ අප සියලු දෙනා පිළිගන්නා කාරණයකි.කෑම බිම , ගමන් පහසුකම්,ඇදුම් ,තොප්පි මේවා ඒ තරම් විශාල ජනතාවකට දෙන්නට ඒකාබද්ධ විපක්ෂයට මුදල් කොහෙන්දැයි ඔබ සිතුවාද?ව්‍යාපාරිකයන් වුවද සහයෝගය ලබා දෙන්නේ පවතින රජයේ පක්ෂ වලටය.එසේනම් එතරම් මුදලක් ඒකාබද්ධ විපක්ෂය කොහෙන්ද?ඒ පිලිබදව මැයි රැලියේදී ඔබට නොපෙනුනත් ආණ්ඩුව හැරදමා ඒකාබද්ධ විපක්ෂයට යන ඇමතිවරුන්ගෙන් ඔබට ඒකාබද්ධ විපක්ෂයේ මුදල් ගෝනි කිහිපයක් දැකබලා ගැනීමට වනු ඇත.

විශ්වාසදායි ආරංචි මාර්ග වලින් අපට දැන ගැනීමට හැකිවුයේ මෙලෙස ආණ්ඩුව හැරදමා ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට සැරසෙන එක ඇමතිවරයෙකුට බැසිල් රාජපක්ෂ විසින් රුපියල් කෝටි 10ක් ලබා දීමටත් නියෝජ්‍ය ඇමතිවරයෙකුට රුපියල් කෝටි 5 ක් ලබා දීමටත් බැසිල් එකගවී ඇත.

පවතින ආණ්ඩුවෙන් හොරකම් කිරීමටවත් නොහැකිව වැලේ වැල් නොමැතිව සිටිනා ඇමතිවරු කිහිප දෙනෙකු මෙම යෝජනාවට එකගවී ඇති අතර තවත් පිරිසක් එම මුදලට වඩා වැඩි ලංසුවක් අවශ්‍යය බව පවසා ඇත.

මෙවැනි ඇමතිවරුන් පිලිබදව ජනතාව වෙනදාටත් වඩා සැලකිල්ලෙන් බලා සිටියි.මේ අප සිටින්නේ තාක්ෂණය අතින් දියුණු ලෝකයකයි.ඕනෑම දෙයක් ඉතා ක්ෂණිකව දැන ගැනීමට දැන් ජනතාවට ඉඩ ලැබී ඇත.එම නිසා ඇමතිවරුනි තවත් හෙළිදරව් වීම් වන්නට මත්තෙන් ඔබගේ ගෞරවය රැක ගැනීම ඔබගේ රාජකාරියක් බව අමතක නොකරන්න.

No comments:

Post a Comment