13 July 2017

ක්‍රිකට් නගා සිටුවන්න සභාපති වෙන්නම ඕන නෑ : සංගා

දේශපාලනයට පැමිණීමට තමාට බොහෝ ආරාධනා පැමිණියත්, තමන් ඊට කිසි ලෙසකින්වත් කැමැත්තක් හෝ අදහසක් නැතැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවසීය.එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට පත්වීමට හෝ තමාගේ කිසිම කැමැත්තක් නොමැති බවත්, ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය සහාය ලබාදීමට තනතුරු ලබාගැනීම අවශ්‍ය නොවන බවද හෙතෙම සඳහන් කර සිටියේය.

සංගක්කාර මේ බව සඳහන් කර සිටියේ ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ ඊයේ (12දා) සම්බන්ධවෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් සංගක්කාර, “ක්‍රිකට්වලට උදවු කරන්න ඕන නම් කවදාක්වත් ක්‍රිකට් පාලකයා වෙන්න ඕනේ නැහැ. ක්‍රිකට් සභාපති වෙන්න ඕනෙත් නැහැ. කිසිම අන්දමකට ක්‍රිකට්වලට බැඳෙන්නේ නැතිව ඕනම කණ්ඩායමකට උදවු කරන්න පුළුවන්.

යම්කිසි ළාබාල ක්‍රීඩකයෙක් ඇවිත් තමන්ගෙන් අදහස් අහනවා නම් අවවාද ඉල්ලනවා නම් ඒ අවස්ථාවේ විශාල ලෙස උදවු කරන්න පුළුවන්. මගේ නම් ක්‍රිකට් පාලක මණ්ඩලයට එන්න කිසිම කැමැත්තක් නැහැ. මොකද සිදත් වෙත්තමුණි මහතාගේ කාලයෙත් මට ආරාධනාවක් ආවා. මේ කාලෙත් යම් යම් අය කියනවා ඇයි ඇවිල්ලා බැඳෙන්න බැරි කියලා. මම හැමවෙලාවෙම කියන්නෙ මම අවශ්‍ය තැනදී පොඩි විදිහකින් හරි උදවු කරන්න බැඳිලා ඉන්නවා. මම ඒ දේ කරලත් තිබෙනවා.

දේශපාලනය ගැන අහද්දී මට විවිධ වූ ආරාධනා ලැබිලත් තියෙනවා. ඒ වගේම බොහෝ අය කියලා තිබුණා මම ඉස්සර කලාවැව, අනුරාධපුර යන ප්‍ර‘දේශවලින් දේශපාලනයට එනවා කියලා. එහෙත් දේශපාලනයට පැමිණීමට මගේ කිසිම කැමැත්තක් හෝ අදහසක් නැහැ" යැයි ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment