13 July 2017

කැඳවලට ගන්නා කොළ ගුණ දැනගන්න

නිරෝගිමත් දිවියක්‌ ගත කිරීමේදී පොෂ්‍යදායී ආහාර රටාවකට හුරුවීම ඉතාම වැදගත් නමුත් කාලයත් සමඟ අපේ පැරණි ආහාර රටාවන්ගෙන් ඈත් වෙමින් වැරදි ආහාර රටාවන්ට හුරුවීමේ ප්‍රවණතාවක්‌ හඳුනාගන්න පුළුවන්. ශරීරයට බෙහෙවින් ගුණදායක පානයක්‌ වන කොළ කැඳවල අඩංගු පෝෂ්‍යදායී ගුණය පිළිබඳ ඔබ දැනුවත් ද ? කිරි පිටි වෙනුවට සෑම උදැසනකම කොළ කැඳ වීදුරුවක්‌ පානය කිරීමෙන් ලෙඩ රෝග අවදානමෙන් මිදෙන්නට හැකි බව ඔබ දන්නවාද?

සමබර පානයක්‌ වන කොළ කැඳවල අඩංගු ඖෂධීය කොළ යුෂ මඟින් ශරීරයට ඛනිජ ලවණ, ඇමැයිනෝ අම්ල, විටමින් ලබාදෙනවා. සහල් මඟින් පිෂ්ඨයත්, පොල්කිරි වලින් මේදයත් ලබා දෙනවා. ඉඟුරු, සුදු ලුනු, ගම්මිරිස්‌ වලින් ලබාදෙන අමතර පෝෂණයත් ඉතාම වැදගත්. කොළ කැඳ පානය කිරීමෙන් නිරෝගි බව රැකීම මෙන්ම ආයු බල ශක්‌තිය වර්ධනය වීම ද සිදු වෙනවා.

කොළ කැඳවල අඩංගු කොළවලින් ශරීරයට ලැබෙන පෝෂණ ගුණයයි මේ.

ගොටුකොළ

ධාරණ ශක්‌තිය ඇති කිරීම

බුද්ධිය වර්ධනය කිරීම

කිරිදෙන මවුවරුන්ට ගුණදායකය

සිරුරට සිසිලස ලබාදීම

ඇස්‌ පෙනීමේ දුර්වලතා මඟ හැරීම

හිසකෙස්‌ වර්ධනය කිරීම

රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කිරීම

මුකුණුවැන්න

විටමින් බහුලව ඇත.

සිරුරට අවශ්‍ය පෝෂණ පදාර්ථ ශරීරයට

අවශෝෂණය කරයි.

ප්‍රතිශක්‌තිය වැඩි කරයි.

පටකවල ගෙවී යාම අඩු කරයි.

මළ පිටවීම හොඳින් සිදු කරයි.

අක්‌මා රෝග, පීනසට ගුණයි.

හිසකෙස්‌ පැලීම නවතාලයි.

සම පැහැපත් කරයි.

හාතවාරිය

සිරුරේ සිසිලස රඳවා තබයි

මුත්‍රා හොඳින් පිට වේ.

වාතය නසයි.

සන්ධි රෝගවලට ගුණ දායකය.

සිරුරේ ඉදිමුම නැති කරයි.

ආමාශයේ රෝගවලට ගුණයි

සිරුරේ දාහය නසයි

වැල් පෙනෙල

පුරුෂයන්ගේ ධාතු ශක්‌තිය වැඩි කරයි.

සරුභාවය ඇති කරයි.

අධික රුධිර පීඩනය නැති කරයි.

ලේ පිරිසිදු කරයි.

ස්‌නායු පද්ධති මනා ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගනී.

ඉදිමුම නැති කරයි.

අරුචිය නැති කරයි.

ඉරමුසු

කුෂ්ට, දද නැති කරයි.

සිරුරේ දහඩිය දුඟද නැති කරයි

බඩගින්න ඇති කරයි.

බරවා රෝගයට සුදුසුයි

ස්‌ත්‍රී රෝගවලට ගුණයි

මුත්‍රා දැවිල්ල නසයි.

අක්‌ෂි රෝගවලට සුදුසුයි

මී විසට හිතකරයි.

කරපිංචා

කොලෙස්‌ට්‍රොල් අවශෝෂණය බාල කරයි.

දියවැඩියා රෝගීන්ගේ රුධිර ග්ලුකෝස්‌ පාලනය කරයි.

හෘද රෝගීන්ට ඉතාම හිතකරයි.

පිළිකා සෛල නසයි.

ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි.

විෂ නසයි

No comments:

Post a Comment