13 July 2017

පුද්ගලයෙක් වසරකට පොලිතීන් හා ප්ලාස්ටික් කිලෝ 5.5ක් මුදාහරිනවා

 පොදුවේ එක් පුද්ගලයෙකු වසරකට පොලිතීන් හා ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 5.5ක් පරිසරයට මුදාහරින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. පළාතක් වශයෙන් බස්නාහිර පළාතේ ජීවත් වන පුද්ගලයෙකු වර්ෂයකට පොලිතීන් හා ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 7.5ක් මුදාහරින බවද එම අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා සඳහන් කළේය.

දිනකට ලන්ච් ෂීට් මිලියන 20ක් රට තුළ භාවිත කරන බවත්, ගෙවී ගිය වසරේදී පොලිතීන් අමුද්‍රව්‍ය ගෙන්වීමට රුපියල් මිලියන 20,000කට අධික ප්‍රමාණයක් වියදම් වී තිබෙන බවද ඊයේ (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය. සැප්තැම්බර් පළමු වැනිදා සිට ලන්ච් ෂීට්, සිලි බෑග්, කසළ බහාලන ඇසුරුම්, පොලිස්ටරින් අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන නිෂ්පාදනය කරන ඇසුරුම් භාවිත කිරීම හා ගෙන් වීම සපුරා තහනම් බවද සභාපතිවරයා පවසා සිටියේය.

මේ හේතුවෙන් එම ද්‍රව්‍යවලට විකල්ප ලෙස කඩදාසි බෑග්, පන් රෙදි හා ජෛව හානියට ලක් වන ප්ලාස්ටික් පොලිතීන් වර්ග හඳුන්වා දෙන බවද සභාපතිවරයා සඳහන් කළේය. ඊයේ (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම නීති උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව නීති මගින් කටයුතු කරන බවයි.

No comments:

Post a Comment