13 July 2017

දළ ගන්න මාන බලන් ඉන්න තිරිසන්නුන්ගේ වෙඩි උණ්ඩයට ළය දෙන මින්නේරි අඩවියේ මහසෙන් | PHOTO

මහසෙන් නම අපට කණ වැකෙණ විටම මතක් වන්නේ මින්නේරි වැව කරවූ මහසෙන් රජු ය.

නමුත් වර්තමානය වනවිට හෙළ දීපයට මැණිකක් බඳු අභිමානයක් මින්නේරි වැව් තාවුල්ලේ දකින්නට හැකිය.ඒ තමා මේ මින්නේරි වැව් තාවුල්ල ආශ්‍රිත වනරොඳ තමන්ගේ ජන්ම භූමිය කරගත් සද්ධන්ත මහසෙන් හස්තියා.

අවුරුද්දේ එක් කාල සීමාවකදී පමණක් දැකිය හැකි මේ සද්ධන්තයා වසරේ අනිත් කාල වලදී සෝමාවතිය දක්වා සංක්‍රමණය වේ.

නමුත් මා කියන්නට යන්නේ ⁣ඔහුගේ සුන්දරත්වය පිටුපස ඇති අප දකින ඔබ නොදකින කදුළු කතාවයි.
මීට කලකට පෙර ගල්ගමුව වන පෙත සැරසූ සියඹලන්ගමුවේ හස්තියා මෙන්ම අද වන විට අපගේ මින්නේරි වන පෙත සරසන මහසෙන්ට අද අත්ව ඇත්තේ බොහොම ඛේදනීය ඉරණමකි.එනම් රුඳුරු වෙඩික්කරුවන්ගේ වෙඩි පහරවල් දහසක් මැඳ අසරණව සිය ජීවිතය ගත කිරීමටයි.

මෙම හස්තියා පිළිබදව දෙස් විදෙස් බොහෝ දෙනා අද වනවිට දැනගෙන අවසන්ය.බොහෝ දෙනෙකු සද්දන්ත මහසෙන්ව සලකන්නෙ මින්නේරි වැව කරවූ මහසෙන් රජුගේ ආත්මයක් ලෙසයි.
නමුත් මහසෙන්ගේ සද්දන්ත දළ යුගලට කෑදරකමෙන් ඔහුගේ ජීවිතයට වින කටින්නට මාන බලාගෙන සිටින තිරිසන් වෙඩික්කරුවන් නිසා අද වනවිට මෙම වටිනා සද්දන්තයා අපට අහිමිවීමේ දැඩි අවදානමක් මතුවී ඇත.
එමෙන්ම ඔහුගේ ශරීරයේ ඇති සිය ගණනක් මූනිස්සම් සහ පතොරම් පහරවල් නිසා ඇතිවූ තුවාල හේතුවෙන් ඔහුගේ ජීවිතයටද අවදානමක් ඇතිවීමට ඉඩ ඇත. එබැවින් පරිසරයට අලි-ඇතුන්ට පෙම් බැඳි අපි ඉල්ලා සිටින්නේ මේ පිලිබදව රජයේ සහ වගකිවයුතු සියලු පාර්ශවයන්ගේ අවධානය යොමුවිය යුතු බවයි.

ජනාධිපති තුමා,අගමැති තුමා, වනජීවි ඇමතිතුමා,වනජීවි අධ්‍යක්ෂතුමා,යුද්ධ හමුදාපතිතුමා

මෙම වගකිවයුතු ප්‍රධාන නිළධාරීන්ගේ සහ අනෙකුත් සෙසු නිළධාරින්ගෙන් අප ඉල්ලන්ගේ මෙම වටිනා සම්පත රැක ගැනීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා ලෙසයි.ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිළධාරීන් යොදවා මෙම සතුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න.එමෙන්ම ඔහුට රේඩියෝ කොළර් එකක් යොදන්න.මෙම සද්ධන්තයාට විශේෂ අවධානයක් යොමු කරන්න.

නැතිනම් හෙළයට පෞඩත්වයක් වන මෙම සත්ත්වයාද අවසන් ගමන් යන දිනය නුදුරු දිනෙක නොවන බවට අලි-ඇතුන්ට ආදරය කරන අපි අනතුරු අගවා සිටින්නෙමු.

බළධාරීන්ගේ ඇස් ඇරෙන්නට කියවා ශෙයා කරන්න.

Manjula Priyanga Bandara
චායාරූප අයිතිය : ජනප්‍රිය ගාල්ලගේ මහත්මා


No comments:

Post a Comment