13 April 2017

ඉන්දීය සාගර සාමය සුරක්ෂිත කිරීමට පොදු එකගතාවක් නෑ



වෙරළාරක්ෂණ කාර්යයන් සහ ඉන්දීය සාගර සාමය සුරක්ෂිත කරලීමේ කාර්යයන් උදෙසා පොදු පදනමකින් යුතුව කටයුතු කළ යුතු බව ජපාන ආරක්ෂක අමාත්‍යවරිය පවසනවා.

ජපානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) උදෑසන ජපාන ආරක්ෂක අමාත්‍ය තොමාමි ඉනදා මහත්මිය හමුවූ අවස්ථාවේදී ඇය මේ බව පවසා ඇත්තේ.

ලබන ජුනි මාසයේදී මෙරට නාවික හමුදාපතිවරයාගේ ජපාන නිළ සංචාරයේදී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සුදුසු බවද එහිදී තීරණය වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ ඉන්දීය සාගර කලාපීය සාමය රටක් ලෙස මෙරටට අතිශයින් වැදගත් බවයි.

එමෙන්ම ඉන්දිය සාගර කලාපීය සාමය සහ සමුද්‍ර ආරක්ෂාව තහවුරු කිරීම දෙරටම පිළිගන්නා පොදු ප්‍රතිපත්තියක් හෙයින් එම ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ජපානය කැපවන බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය වී ඇති බව වාර්තා වනවා.

No comments:

Post a Comment