14 June 2017

ආපදා අරමුදලට වැටුප් පරිත්‍යාග කරපු හරිම ගාන මෙන්න

පසුගියදා ඇති වූ ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආණ්ඩු පක‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන බවට ප්‍රකාශ වුවද මේ දක්වා සිය මාසික වැටුප පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර ඇත්තේ දහතුන්දෙනෙකු පමණක් බව වාර්තා වනවා.

ඒ අතරින් කතානායක කරූ ජයසූරිය මහතා සිය මැයි මස වැටුප සහ දීමනා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අරමුදල වෙත බැරකර තිබෙනවා.

රුපියල් දෙලක‍ෂ හැත්තෑ දෙදහස් හත්සිය අසූ දෙකයි ශත විස්සක් වන එම මුදල අදාළ අරමුදලට බැරකළ බවට වන ලිපියක්ද කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව එස් එම් මරික්කාර් සහ ලකි ජයවර්ධන යන මන්ත්‍රීවරුන් දෙදෙනා රුපියල් පනස් හතර දහස් දෙසිය අසූ පහක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව පරිත්‍යාග කිරීමට එකග වී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කළේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් රුපියල් ලක‍ෂයක් වන කාර්යාල දීමනාව පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර තිබෙනවා.

ලක‍ෂ්මන් සෙනෙවිරත්න, ලක‍ෂ්මන් වසන්ත පෙරේරා, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ටි.බී. ඒකනායක, ඉන්දික බණ්ඩාරනායක, දුලිප් විජේසේකර, ලසන්ත අලගියවන්න සහ නිමල් ලන්සා යන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද ලිපි මගින් දන්වා ඇත්තේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දිමනාව ජුනි මස වැටුපෙන් අඩුකර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව හිමිවන්නේ නැහැ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණද සිය මන්ත්‍රී වැටුප ආපදා සහන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කළා. ඔවුන් රතු තරුව වැඩසටහන ක්‍රියාත්මක කරමින් ආපදා ඇති වූ ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමට ඉකුත් දිනවලදී කටයුතු යොදා තිබුණා.

No comments:

Post a Comment