14 June 2017

2016දී ශ්‍රී ලංකන් පාඩුව මිලියන 2200

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේදී රුපියල් මිලියන 2200ක පාඩුවක් ලබා තිබෙන නිසා සහ එහි සිදුවන අනවශ්‍ය  බඳවාගැනීම්, නිරන්තර පාඩු ලැබීම පිළිබඳ ප්‍රශ්න කිරීමට සමාගමේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය කැබිනට් මණ්ඩලය හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

වසර ගණනක් තිස්සේ පාඩු ලබමින් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යහපාලන රජය පත්වීමෙන් පසුව පසුගිය මාස 30 ක කාලය තුළදී සේවකයන් 1200ක් පමණ බඳවාගෙන තිබෙන බව මෙහිදී හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව විෂය භාර අමාත්‍යවරයා ලබාදෙන නියෝග හා උපදෙස් පිළිනොපදිමින් සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවටද චෝදනා එල්ල වනවා.

මෙම තොරතුරුවලට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය කණ්ඩායම් දෙකක් ලෙස කටයුතු කරන බවටද කැබිනට් මණ්ඩලයට වාර්තා වී තිබෙන අතර, මේ නිසා තවදුරටත් ශ්‍රී ලංකා ගුවන් සමාගම අර්බුදයට ලක්වීමට පෙර ඒ පිළිබඳ වහාම කරුණු සොයාබැලීමටද එහි සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා ප්‍රශ්න කිරීමටද ඊයේ (13) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment