ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය හේතුහාමිගේ නන්දසේන, උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න ඒ මහතාගේ පුත‍්‍රයා වන තුසිත ගුණරත්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් වන පෞද්ගලික ලේකම් කවීන් දිසානායක නීතිඥ, අමිල දිසානායක හා රවීන්ද්‍ර දිසානායක යන මහත්වරුන්ගේ නම් හා ඊට අඳින ලද රූප තඹ පත‍්‍රිකාවේ දක්නට ලැබුණි.
මීට සති කිහිපයකට ඉහතදී කිසියම් අයෙකුගේ උපදෙස් මත හූනියම සිදුකළ කට්ටඩියා විසින් අඟල් දහයක් පමණ දිග තඹ පත‍්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නාමයන් ලියා එහි තිරස් අතට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා තිබුණි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපති මැතිවරණය සමයේදී ප‍්‍රසිද්ධියට පත් වූ ඉන්දීය අගමැති නරෙන්ද්‍ර සිං මෝදි මහතා පැළඳි ජැකට්ටුව ඇඳ සිටින අයුරු හූනියම් තහඩුවේ ඇද ඇති ආකාරය දකින්නට ලැබේ.

lakbima
No comments:
Post a Comment