14 June 2017

මැති ඇමති පවුලේ සාමාජිකයින්ගේ වත්කම් හෙලිකිරීමට නියමයක්

සෑම මන්ත්‍රීවරයකු මෙන්ම ඔහුගේ හෝ ඇයගේ ළඟම ඥාතීන්ගේද වත්කම් සහ මූල්‍ය තොරතුරු පාර්ලිමේන්තු මහ ‍ලේකම්වරයා වෙත ලබාදිය යුතු බවට වන රීතියක් නව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට ඇතුළත් කර තිඛෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පියා, මව, කාලාත්‍රයා සහ දරුවන් ඇතුළු පවු‍ලේ සාමාජිකයන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ ව්‍යාපාර සබඳතා සහ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ තොරතුරුද මේ අනුව අනාවරණය කළ යුතුයි.
මන්ත්‍රීවරුන්ගේ මෙම තොරතුරු ඇතුළත් පාර්ලිමේන්තු මහ ‍ලේකම්වරයා විසින් මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ‍ලේඛනය නමින් ‍ලේඛනයක් පවත්වාගෙන යා යුතුවේ.

එකී ‍ලේඛනයේ යම් තොරතුරක් දැනගැනීමේ පනත යටතේ පිටස්තර පාර්ශ්වයකට ලබා ගැනීමටද හැකියාව පවතින බවද යෝජිත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අවසන් කෙටුම්පතේ සඳහන්.

එම කෙටුම්පතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ‍ලේඛනය පවත්වාගෙන යාමේ රීතිය ගෙන එන අතර සෑම මන්ත්‍රීවරයකුම මෙම ‍ලේඛනය සම්පූර්ණ කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන මෙම චර්යා ධර්ම ඇතුළත් යෝජිත ස්ථාවර නියෝග අවසන් කෙටුම්පත ඉකුත් සතියේ මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ අතර ඉදිරියේදී මෙය සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

– LAKBIMA

No comments:

Post a Comment