14 June 2017

අයි. එස් තොප්පිය ඉරානයෙන් ඇමරිකාවට දමයි

අයි.එස්. සංවිධානය ඇමරිකාවේ නිර්මාණයක් බවත්, එය පෝෂණය කිරීමට ඇමරිකාව මෙන්ම සෞදි අරාබිය ද දායක වන බවත් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි ඛමේනි පවසනවා.

මැදපෙරදිග අස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා ඇමරිකාව අයි.එස්. සංවිධානය යොදා ගන්නා බවට ද ඔහු චෝදනා කළා.

මේ නිසා ඇමරිකාව අයි.එස්. සංවිධානයට එරෙහිව සටන් කිරීම හුදෙක් ප්‍රලාපයක් බවයි ඉරාන නායකයා වැඩිදුරටත් සඳහන් කළේ.

1979 ඉරාන විප්ලවයෙන් පසු ඇමරිකාව සහ ඉරානය අතර සබඳතා බිද වැටුණු අතර, මධ්‍යස්ථ මතධාරීන් එම සබඳතා යළි ගොඩ නැගීමේ උත්සාහයක නිරත වුණා.

එහෙත් ආධ්‍යාත්මික නායක අයතුල්ලා ඛමේනිගේ අනුගාමිකයන් දරන්නේ දැඩි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තියක්.

No comments:

Post a Comment