14 June 2017

දිස්ත්‍රික්ක පහක චන්ද්‍රිකා ඡායාරූපගත කිරීම් අවසන්

 2021 වසරේ පැවැත්වීමට නියමිත ජන හා නිවාස සංගණනය මූලික කරගෙන ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක පහක චන්ද්‍රිකා ඡායාරූපගතකිරීම් අවසන් කර තිබේ.

ගම්පහ, කුරුණෑගල, මොනරාගල, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල මේ ආකාරයට චන්ද්‍රිකා ඡායාරූපගතකිරීම් අවසන් වී තිබෙන අතර,රත්නපුර දිස්ත්‍රික්කයේ 17%ක්ද,නුවරඑළිය දිස්ත්‍රික්කයේ 25%ක්ද වශයෙන් එම කටයුතු සිදුකර තිබේ.

කළුතර,ගම්පහ,කුරුණෑගල,බදුල්ල යන දිස්ත්‍රික්කවල සිතියම් භූ විද්‍යාත්මක සැසඳීම් (Geo referencing)කටයුතු අවසන් කර තිබෙන බවත්,මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස04ක සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස05ක සිතියම් භූ විද්‍යාත්මක සැසඳීම් (Geo referencing)කටයුතු අවසන් කර තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර කාර්යමණ්ඩලයට හා ග්‍රාම නිලධාරීන්ගේ භාවිතයට අවශ්‍ය උපදෙස් අත්පොත් සකස් කර  තිබෙන බවත්, සංගණන සිතියම් සකස්කිරීමේ ක්‍රමවේදය පරීක්ෂා කිරීම සඳහා කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල කේෂ්ත්‍ර පරීක්ෂාව සිදුකර තිබෙන බවත්ය.

No comments:

Post a Comment