21 June 2017

විජේවීරට නිවෙසක් හදන්න කියා පින්තූර ගසා ජවිපෙ මුදල් කොල්ල කෑ අයුරු බිරිඳ හෙළි කරයි | VIDEO

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය සිදුකළ අනාවරණයක් සමඟ මේ වන විට එහි වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු පක්ෂ අභ්‍යන්තර බලවත් කැළඹීමකට ලක්ව ඇතැයි වාර්තාවේ.

රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය ඇතුළු විජේවීර පවුල වෙනුවෙන් නිවසක් සාදා දෙන බවට ජවිපෙ විසින් අරමුදල් රැස්කළද එවැන්නක් සිදුකර නොමැති බව චිත්‍රාංගණී විජේවීර මහත්මිය පවසයි. නිර්ධන පංතියේ විමුක්ති අරගලය මතින් ගොඩනැඟුණු ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ පුත්‍රයා ඉහළ ධනේශ්වර පංතිය සමඟ රජ මඟුල් කද්දී එම පක්ෂය නිර්මාණය කළ නිර්මාතෘවරයාගේ ජීවතුන් වෙනුවෙන් හිසට වහලක් වත් නොමැත. අනුරලා එවැනි ලෝකයක ජීවත්වෙද්දී ජවිපෙ සිහින කථාවන්ට රැවටුනු සමහරක් තවමත් කැට සොලවමින් සා දුකින් පෙළෙන උන් නැඟිටන දිනයක් ගැන සිහින දකිති.

-උපුටනය-

“වසරක් පාසා ලක්ෂ ගණන් පෝස්ටර් ගසමින් ආතල් මල්ලිලා නංගිලා පෙරටු කර ගනිමින් චේ සමරන ජවිපේ වර්මාතන නායකත්වය ප්‍රචාරක වාසියට පමණක් ඉල් මහා විරු සැමරුම් දේශනයක් තබා නොකර බැරි කමට විජේවීරයන් සැමරුව ද, ඇත්තටම විජේවීරයන්ගේ දරු පවුල ගැන ජවිපේ ආස්ථානය කෙබඳුදැයි මේ වීඩියෝව නරඹන කෙනෙකුට වටහා ගත හැක.

අනුරලාගේ පුතාලා, නිහාල් ගලප්පත්තිගේ දුවා දරුවන් වගේම අනෙකුත් නායකයන්ගේ දුවා දරුවන්ට අවශ්‍ය පහසුකම් සපයන ජවිපෙට ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන් අමතක වූයේ කෙසේද ?

අද වනවිට ඔවුන් වසර 27ක් තිස්සේ අප්‍රමාණ දුක් කන්දරාවකට මැදිවී නාවික හමුදා බාරයේ දිවි ගෙවයි. නිවාස අඩස්සියේ මෙන් මේ ගෙවන ජීවිතයේ ප්‍රතිඵල ලෙස ඔවුන් ඉතාමත් මානසික අවුලකට ද ඇද වැටී ඇත. පසු ගිය දිනෙක තොරතුරු වාර්ථා වූ පරිදි ඔවුන්ට නාවික කඳවුරෙන් යන්නට ද සිදුවී ඇත. නමුත් ඔවුන්ට යාමට තැනක් නැත.

විජේවීර සහෝදරයාගේ දරු පවුල සඳහා නිවසක් ලබා දීමට කෝටියකට වැඩි මුදලක් එකතුව තිබූ බව සෝමවංශ අමරසිංහ සහෝදරයා මිය යන්නට පෙර පවසා තිබුණි.

එසේ නම් එම මුදල් දැන් ඇත්තේ කා ලඟද..?

එම මුදල් වර්තමාන නායකයන් විසින් තම සුඛ විහරණය සඳහා යොදා නොගන්නවා යැයි මේ සිදුවන දෑ අනුව කිසිදු විශ්වාසයක් තබා ගැනීමට නො හැකි ය.

ජවිපෙ නායකයාට ම මෙසේ සලකන ඊනියා විප්ලවවාදී ජවිපේ නායකයන් පසු පස යන අනුගාමිකයන් කල්පනා කළ යුතු යමක් ඇතැයි මට සිතේ. නායකයාටම මෙහෙම නම් ඔබට හෙට දවසේ කෙසේ විය හැකි ද?

දැන්වත් විජේවීරයන් නමින් එකතු කර ඇති අනුරලා විසින් කොල්ලකන ලද මුදලින් අසරණ තත්ත්වයට පත්වී සිටින ඔබ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ට සාධාරණය ඉටු කිරීමට ඔබගේ මැදිහත්වීම නොකරන්නේ නම් ඔබලා තරම් දුර්ජනයන් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත.”

-උපුටනය අවසන්-

තමන්ට නිවසක් සදාදීම සදහා ජනතා විමුක්ති පෙරමුණ වෙත ලැබුණු රුපියක් කෝටියක මුදල් තමන් වෙත ලබා නොදුන්බව ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ආදරණීය බිරිද චිත්‍රාංගණී විජේවීර මහත්මිය අනාවරණය කරයි.



No comments:

Post a Comment