26 May 2017

දකුණු පිලිපීනයේ ත්‍රස්තයන් මැඬලීමට හෙලිකොප්ටර්



දකුණුදිග පිලිපීනයේ මරාවි නගරයේ කොටසක බලය අත්පත් කරගෙන සිටින ඉස්ලාම් රාජ්‍යයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් මැඬලීම සඳහා ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල සහායද ලබාගෙන තිබේ.

එරට හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ නගරයේ සිටින 30 - 40ත් අතර ත්‍රස්තයන් පිළිබඳ විමසිලිමත් වීම සඳහා මෙසේ හෙලිකොප්ටර් යානාවලද සහාය ලබාගන්නා බවයි.

එම පළාතේදී ප්‍රධාන තස්ත නායකයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පිලිපීන හමුදා ඇරඹූ මෙහෙයුමක් සමග මෙම සටන දුරදිග ගිය අතර, මෙම සටන්කාමීන් බොහෝ පිරිසක් ප්‍රාණ ඇපයටද ගෙන තිබේ. එමෙන්ම, බන්ධනාගාරගතව සිටින පිරිස් නිදහස් කිරීමටද ඔවුන් කටයුතු කර ඇත.

මේ සමගම මෙම පළාත අත්හැර දහස් ගණන් සාමාන්‍ය ජනතාව නගරයෙන් පිටතට යන බවද විදෙස් වාරතා පෙන්වා දෙයි. මෙම මරාවි නගරය බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන නගරයක් ලෙසද සැලකෙයි.

අබු සියේෆ් ත්‍රස්ත කණ්ඩායම් නායක ස්නිලොන් හැපිලොන් අත්අඩංගුවට ගැනීමට පසුගිය අඟහරුවාදා සිදුකළ මෙහෙයුකම සමග මෙම ගැටුම් උත්සන්න වූ අතර, ඔහු ඇමෙරිකාවටද වඩාත් අතශවශ්‍ය පුද්ගලයෙකු ලෙස ඔහු වෙනුවෙන් විශාල ලංසුවක්ද ඉදිරිපත් කර තිබුණි.

No comments:

Post a Comment