20 June 2017

බැදුම්කර නිකුතුව ගැන විගණකාධිපතිගෙන් අලුත් හෙළිදරව්වක්

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඍජු තැන්පත් ක්‍රමය තාවකාලිකව නැවැත්වීම නිසා රජයට පාඩුවක් සිදුවී ඇති බව විගනකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා.

ජනාධිපති කොමිසම හමුවේ තෙවන දිනටත් ඊයේ (19) සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ එම පාඩුවට අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු මහබැංකුවේ නිලධාරීන් වගකිව යුතු බවයි.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර දේශීය ණය කළමනාකරණ කමිටුව රැස්වී නොතිබූ නිසා වෙන්දේසියේදී ලබා ගන්නා මුදල රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තීරණය කර තිබූ බවයි විගනකාධිපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම ලේඛන විවිධ බලපෑම් නිසා තම වාර්තාවට ඇතුළත් නොකළ බව ද ඔහු කියා සිටියා.

No comments:

Post a Comment