20 June 2017

අලුත් පුහුණුකරු මහේල

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදිය රැගෙන සිය මවුරට බලා නික්ම යාමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මහේල ජයවර්ධන සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින්.

මහේල ජයවර්ධන මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුද වනවා.

ග්‍රැහැම් ෆෝර්ඩ් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර ඉකුත් සමයේ මතභේදතාත්මක තත්වයක් උද්ගත වී තිබූ බවද වාර්තා වුණා.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන සමග කෙරෙන සාකච්ඡාවලින් පසු ඒ පිළිබද අවසන් තීරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙනු ඇති.

No comments:

Post a Comment