24 June 2017

මිනිස් ප්‍රජාවට බලපාන මීළඟ වෛරසයේ තිඹිරිගෙය දකුණු ඇමෙරිකාව? | PHOTO

ලෝකයේ මීළඟ සෞඛ්‍ය තර්ජනයේ මහ ගෙදර බවට දකුණු ඇමෙරිකානු කලාපය හඳුනාගෙන ඇති බව අනතුරු ඇඟවීමේ සිතියම පෙන්වා දෙයි.

නිව්යෝක් කේන්ද්‍ර කරගත් ඉකෝ හෙල්ත් එලායන්ස් හි දත්තවලට අනුව මිනිස් ප්‍රජාවට බලපාන මීළඟ වෛසරයේ තිඹිරි ගෙය දකුණු ඇමෙරිකානු කලාපය විය හැකිය.

එහිදී, ඔවුන් ක්ෂීරපායී සතුන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී, ක්ෂීරපායී සතුන් අතරින් වවුලා මෙවැනි වෛරසයක් මිනිසා වෙත ගෙනයා හැකි බවට ඔවුන් විශ්වාසය පළ කර ිතබේ.
එමෙන්ම, ඔවුන් මේ ඔස්සේ ලබාගත් දැනුම එච්.අයි.වී., එබෝලා හෝ විවිධ වෛරස් උණ සඳහා ප්‍රතිකාර කිරීමටද යොදාගත හැකි බවද ඔවුහු පවසති.

මන්දයත්, ලෝකයට දැඩි සෞඛ්‍ය තර්ජනයක් ඇති කළ එබෝලා වෛරසයද වවුලන්ගෙන් මිනිසුන් වෙත පැතිරුණු බව විශ්වාස කරන අතර, එච්.එයි.වී. චිම්පන්සියන්ගෙන් මිනිසාට ලැබුණු මාරාන්තික දායාදයක් ලෙස සැලකෙයි.

ඒ අනුව, මේ අන්ත්‍රාව දැක්වීමේ සිතියම් හරහා ඉදිරියේ මරාන්තික වෛරසයන් ඉස්මතු වන ප්‍රදේශ පිළිබඳ වඩාත් පහසුවෙන් අනාවැකි පළ කළ හැකි බවද එම විද්‍යාඥයෝ පවසති.

මෙම පර්යේෂණයේදී ක්ෂීරපායී සත්ව විශේෂ 754කට බලපාන විවිධ වෛරස වර්ග 586ක් පිළිබඳව මෙන්ම, මිනිසුන්ට මෙන්ම අනෙකුත් ක්ෂීරපායී සතුන්ට යන දෙගොල්ලන්ටම වැළඳෙන ආසාදන 188ක් පිළිබඳවද පර්යේණ සිදුකර තිබේ.


No comments:

Post a Comment