24 June 2017

අරාබි රටවල ඉල්ලීමට කටාර් අල්-ජසීරා වසා දමන්නේ නෑලු

 අරාබි රටවල් ඉල්ලා සිටින ආකාරයෙන් තම මාධ්‍ය ආයතනය කිසිම ආකාරයකින් වසා දමන්නේ නැති බව දෝහා නුවර අල්-ජසීරා මාධ්‍ය ආයතනයේ ප්‍රකාශකයෙකු බී.බී.සී.ට පවසා තිබේ.

එම මාධ්‍ය ආයතනයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ කළමනාකාර ඉහ්තිශාස් හිබතුල්ලා බී.බී.සී. සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මෙම පුවත අනාවරණය කළ බව ඔවුහු පවසති.

කෙසේ වෙතත්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන රටවල් දැඩිව පවසා සිටියේ කටාරය විසින් ත්‍රස්ත සංවිධානවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීමට පියවර ගත යුතු බවය. මේ හා සමාන අතිශය දැඩි ඉල්ලීම් 13ක් කටාරය වෙත මෙම රාජ්‍යයන් විසින් ඉදිරිපත් කර තිබුණු අතර, ඒ අතර අල්-ජසීරා, අරාබියා 21 සහ මිඩ්ල් ඊස්ට් අයි යන මාධ්‍ය ආයතන වෙත ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කළ යුතු බවද අවධාරණය කර තිබුණි. මේ සඳහා ලබාදී තිබුණේ දින 10ක කාලයකි.

අල්-ජසීරා ප්‍රකාශකයාට අනුව මෙම ඉල්ලීම ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ සහ භාෂණයේ නිදහස යටපත් කිරීමේ උත්සාහයක් යැයි බී.බී.සී.ය වාර්තා කර ඇත.

දෝහා හි අල්-ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම සම්බන්ධයෙන් ඔවුන් මෙවැනි ප්‍රකාශයක් පළමු වරට පවසා සිටියේ තම මාධ්‍ය ආයතනයට බවද පවසා සිටි ඔවුන්, ප්‍රවෘත්තියක සියලුම පැති වාර්තා කරමින් මානව වර්ගයාට සේවය කිරීම සිය ආයතනයේ අභිලාෂය බව අල්-ජසීරා ප්‍රකාශකයා පැවසූ බවද වාර්තා කර තිබේ. එමෙන්ම, ත්‍රස්තවාදයට අනුබල දෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද අල්-ජසීරා ප්‍රකාශකයා බී.සී.සී.ය වෙත පැවසූ බව වාර්තා කර ඇත.

එමෙන්ම, සී.එන්.එන්. සහ බී.බී.සී. වැනි ඕනෑම මාධ්‍ය ආයතනයක් මෙන් අල්-ජසීරා හි පරමාර්ථය ජනතාවගේ දැවෙන ගැටලු පිළිබඳව වාර්තා කිරීම බවද ඉහ්තිශාම් හිබතුල්ලා වැඩිදුරටත් පැවසූ බව බී.බී.සී.ය නිවේදය කර තිබේ.

කෙසේ වෙතත්, කටාරය ඉස්ලාමීය ත්‍රස්තවාදය සඳහා සහාය හා මූල්‍යාධාර ලබාදෙන රාජ්‍යයක් බවත්, ඔවුන්ගේ තෙල් සල්ලි අන්තවාදය වැපිරවීමට පොම්ප කෙරෙන බවටත් බොහෝ අවස්ථාවල කටාරය වෙත චෝදනා එල්ල වූ විය. එමෙන්ම, මෙය කටාරය ඉරානය සමග පවතින සබඳතාවලට එරෙහි වීමේ පියවරක් බවද සඳහන් විය. කටාර්යේ මෑත කාලීන ආර්ථික දියුණුව වෙත සිදුකළ බලපෑමක් බවටද මත පළ විය. කෙසේ වෙතත්,

මේ කිසිදු තර්කයක් හෝ මතයක් කිසිසේත්ම එකහෙලා බැහැර කළ නොහැකි බවද ස්වාධීන මාධ්‍යවල මතය වී තිබේ. එමෙන්ම, මෙවැනි ඉහත නම් සඳහන් වූ ප්‍රධාන දහරාවේ මාධ්‍ය ආයතනවලටද ඔවුන්ගේම න්‍යාය පත්‍ර පවතින බැවින්, කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් මෙම කරුණු තේරුම් ගැනීමද වඩාත් යෝග්‍ය බව ස්වාධීන මාධ්‍ය ආයතනවල මතය වී තිබේ.

No comments:

Post a Comment