24 June 2017

අලුත් පුටුවට යුද හමුදාපති අකමැතිලු

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරය පුරප්පාඩු වී දින දහයක් ගත වුවත් එය පිරවීමට නොහැකි වී ඇත්තේ යුද. හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එම තනතුර භාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

ත්‍රිවිද හමුදාපතිවරු අතරේ ප්‍රධානියා වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට මතෛක් පත්වී ඇත්තේ යුද, ගුවන්, නාවික හමුදාපතිවරුන් අතර සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨයාය. ඒ අනුව එම තනතුරට පත් කළයුත්තේ යුද හමුදාපතිවරයාය. එනමුත් ආරක්ෂක මාණ්ඩලික ධුරය වෙනුවට යුද හමුදාපතිවරයා තවත් සේවා දිගුවක් ඉල්ලා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට යුද හමුදාපතිවරයා සිටින්නේ සිය තෙවැනි සේවා දිගුවේය. මින් පෙර එවැනි වරප්‍රසාදයක් ලැබි තිබුණේ එකල යුද්ධයට අණ දීම හේතුකොට ජෙනරාල් සරත් ෆොන්සේකාට පමණි. කෙසේ නමුදු උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ පුරප්පාඩුව පිරවීමට නොහැකි වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment