24 June 2017

මහජන දේපලට හානි කරන සරසවි සිසුන්ට රජයේ රැකියා අහිමියි

රජයේ දේපොළහානි කරන සහ එම චෝදනාවට ලක්වූ බවට පොලිස් ‍වාර්තාවල ලියැවී ඇති කිසිදු පුද්ගලයකු මින් ඉදිරියට රාජ්‍ය සේවයට බඳවා නොගැනීමට රජයේ අවධානය යොමුකර තිඛෙනවා.

මේ අනුව අදාළ චෝදනා ලැබූවන්ට ඉංජිනේරු/වෛද්‍ය/ පරිපාලන සේවයේ ඉහළ තනතුරු මෙන්ම රාජ්‍ය සේවයට සම්බන්ධවීමටද අවස්ථාව හිමිවන්නේ නැහැ.

රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග එම පුද්ගලයන් ඉතා ඉහළින් සමත් වුවද ඔවුන් රජයේ දේපොළවලට හානි කර ඇති බවට පොලිස් වාර්තා සටහන් ඇත්නම් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම තහනම් කිරීමයි සැලසුම වන්නේ.

සිසුන් ඇතුළු විවිධ කණ්ඩායම් පසුගිය දිනවල උද්ඝෝෂණ හා විරෝධතාවලට එක්වී රජයේ දේපොළවලට දැඩි හානි කිරීම හා කෝටි ගණන් වටිනා මහජන දේපළ විනාශ කිරීම රජය විසින් දැඩිව සැලකිල්ලට ගෙන තිඛෙනවා.

පරිපාලන සේවය සමත් වූවන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඔවුන්ගේ අතීත ක්‍රියා පිළිබඳව පොලිස් වාර්තා කැඳවීමක් මෙයට පෙර ක්‍රියාත්මක වී තිබුණා.

එහෙත් පසුගිය දස වසරක පමණ කාලය තුළ එය නිසි පරිදි ක්‍රියාත්මකවී නැහැ.

මේ නීති යළිත් ක්‍රියාත්මක කිරීම තුළින් රජයේ සේවයට එක්වන්නන්ගෙන් ගෞරවාන්විත සේවාවක් ලබාගැනීමයි රජයේ අපේක්ෂාව වන්නේ.

No comments:

Post a Comment