06 June 2017

ලක්ෂ 28 ක වියදමින් ගංවතුර සහනාධාර බෙදන නිලධාරීන්ට ටීෂර්ට් අන්දවයි

රුපියල් ලක්ෂ 28 ක් වියදම් කරමින් “ස්වදේශ සේවා“ යනුවෙන් ටීෂර්ට් සහ බෑග් මුද්‍රණය කර ගංවතුර සහනාධාර බොදැහැරීමේ නිලධාරින්ට ඇන්දවීම වහාම නවත්වන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටියි. ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් නීල් ද අල්විස් මහතා වෙත ලිපියක් යොමු කරමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මෙම ඉල්ලීම කර තිබේ.

දිවයින පුරා පරිත්‍යාගශිලීන් විසින් එක් රැස් කර බෙදා හැරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දී ඇති භාණ්ඩ ‘ස්වදේශ කටයුතු‘ නාමය සහිත බෑග්වල බහා, අමාත්‍යාංශයේ පණිවුඩයක් සහිතව, ‘ස්වදේශ කටයුතු‘ ටී ෂර්ට් ඇදගත් රාජ්‍ය සේවකයින් විසින් අවතැන් වූ පිරිස් වෙත බෙදා බෙදා හැරීම ලැජ්ජා සහගත අවමන් ක්‍රියාවක් බව එම ගිපියේ දැක්වෙයි. මේ අවමන් සහගත ක්‍රියාව ඊයේ දිනයේ ද ගංවතුරින් හානියට පත් ප්‍රදේශ කිහිපයක දී සිදුව ඇති බව මෙම ලිපිය මඟින් අවධාරණය කර ඇත.

No comments:

Post a Comment