23 April 2017

කසළ අයින් කරන්න බුරුතු පිටින් රට ගිහින්



කසළ කළමනාකරණය පිළිබඳ එතෙර පුහුණුව සඳහා රාජ්‍ය ආයතන හතරක නිලධාරීන් 150කට අධික පිරිසක්  විටින් විට විදේශ ගතී ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් ලබාගෙන නොමැති බව වාර්තා වේ.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා බස්නාහිර පළාත් සභාවේ ඉහළ නිලධාරීන් ඇතුළුව මෙම පරිස ජර්මනිය, එංගලන්තය, අයර්ලන්තය, කොරියාව ආදී රටවල සංචාරය කර ඇත.

කසළ කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය, විදුලිය නිෂ්පාදනය ආදී කටයුතු අධ්‍යයනය කිරීම සඳහා මොවුන් විදේශ ගතවී තිබූ අතර මෙම චාරිකා සඳහා වැය වූ මුදල නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනගර සභ හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාර කර ඇත්තේ පසුගිය කාලය තුළ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් කසළ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් හැදෑරීම සඳහා පිටරට ගොස් ඇති බවය.

බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කරන්නේ තමන්ගේ පාලන කාලය තුළ කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායම් එංගලන්තයට යැවූ බවය.

මේ අතර කසළ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවූ අවස්ථාවල ඒ සඳහා ඉදිරිපත් වූ ආයතන තම හැකියාව පෙන්නුම් කිරීම සඳහා නිලධාරීන් ඒ රටවලට කැඳවාගෙන ගොස් ඇති බවද වාර්තා වේ.

සියල්ල එසේ සිදු වුවද කොළඹ කුණු රැඳවූ මීතොටමුල්ල කුණු කන්ද ඉකුත් 14 වැනිදා කඩා වටුණු අතර එයින් 32ක් මියගොස් 11ක් අතුරුදහන්ව සිටිති. තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතාකාර ගනිමිණ් සිටිති.

මූළාශ්‍ර ඉරිදා ලංකාදීප

No comments:

Post a Comment